මීගමුවට එන්නත ලබාදුන්නේ නගරාධිපති දයාන් ඉල්ලු නිසාද?-හමුදාපතිගේ පිළිතුර.

0
97

කොවිඩ් එන්නත් කරණ වැඩපිළිවෙලනුත් ලාභ දේශපාලන වාසි ගැනිමට කටයුතු කළ දේශපාලකයන් අතර අදටත් පෙරමුණේ සිටින්නේ මිගමුව නගරධිපති දයාන් ලංසා බව අවිවාදිතය.
එමෙන්ම ජනාධිපති ගෝඨාබයවත් රජයත් අපහසුවට පත්කරමින් දේශපාලනිකරණය කරන ලද එන්නත වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්ක තුල ක්‍රියාත්මක කළ නගරය ලෙසද මිගමුව දැන් කාගෙත් කථා බහට ලක්ව ඇත්තේද මිගමුවයි.
පසුගියදා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාධ්‍ය හමුවේ ප්‍රකාශකළ VIP එන්නත්කරණය වැඩි වශයෙන්ම සිදුවු නගරය වන්නේද මිගමුවයි .
අපි ඊයේ දිනයේ ඡායාරූප සාක්ෂිද සමගින්ම එය පෙන්වා දිමට කටයුතු කළෙමු
එන්තත්කරණ වැඩසටහන ආරම්භයේදිම නගරාධිපතිවරයා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ කියා තිබුනේ මිගමුවට එන්නත ලබාදිමට ප්‍රමුඛතාවයක් දෙන්නේ ජනාධිපති ගෝඨාබයගෙන් තමන් ඉල්ලු නිසා බවය.
විනයගරුක රටක් හැදිම සදහා ජනවරමක් ඉල්ලු ජනාධිපතිවරයෙකු මේවැනි මෝඩ ෆේස් බුක් සටහන් නිසා හැල්ලුකිරිම ගැන මිගමුවේ පොහොට්ටුවේම ජේෂ්ඨයෝ විවිධ විවේචන දැනමටත් කරන්නට පටන්ගෙන තිබේ.
තමන් කරන දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරිමට ඇති අයිතිය කව්රුත් පිලිගනිමු. එහෙත් සැබැවින්ම ඒ පළ කිරිම් සැබැවින්ම ඇත්ත තොරතුරු වියයුතුය.
නගරාධිපති දයාන් ලංසා විසින් සිය ෆෙස් බුක් පිටුවේ ලියා ඇති මේ එන්නත් කතාව කොයිතරම් බොළද සුරංගනා කථාවක්දැයි හමුදාපතිවරයා මාධ්‍ය හමුවේ මේ ගැන කර තිබුන ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි වේ.

එන්නත ලබාදි ඇත්තේ ඒ ඒ ප්‍රදේශවල ඇති අවදානම ගැන සලකා බව හමුදාපතිවරයා මාධ්‍ය හමුවේ කියා සිටි

රට තුළ එන්නත් ලබා දීමේදී ඉහළ අවදානම් සහිත ප්‍රදේශ සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පසුගිය 23 වනදා ප්‍රකාශ කළේය. ජෙනරාල් සිල්වා මාධ්‍යයට පැවසුවේ සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් සිටින ප්‍රදේශ සැලකිල්ලට ගනිමින් මෙය සිදුකරන බවයි.
“ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව , ගොතටුව, මොරටුව, එගොඩඋය, හංවැල්ල සහ පිටකෝට්ටේ ඉහළ අවදානම් සහිත ප්‍රදේශ ලෙස සැලකෙන අතර අත්තනගල්ල, බියගම , දිවුලපිටිය , දොම්පේ ,ගම්පහ , ජා ඇල , කටාන, කැළණිය , මහර , මීරිගම , මීගමුව ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහළ අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබේ.