කොවිඩ් සිරුරු ඉරනතිව්හි භූමිදාන තීරණයට දූපත් වැසියෝ විරෝධය පාති…

0
78

කොවිඩ් අසාදිතව මියගිය අයගේ සොහොන් බිම බවට තම දූපත පත් නොකරන ලෙස ඉල්ලමින් ඉරනතිව් දූපත් වැසියෝ අද උදෑසන උද්ඝොෂණයක නිරත වී ඉන්පසුව මලසිරුරු තැන්පත් තිරීම සඳහා නාවික හමුදාව විසින් හාරන ලද සොහොන් යළි පස් දමා පුරවා තිබු බව ශ්‍රිලංකාබ්‍රිෆ් වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි

ඉරනතිව්හි සියළුම පවුල් මුලාන්ගාවිල්හි ඉරනෙයිමාතා නගර්හි ධීවර වරායට රැස්වී රජයේ තීරණයට විරෝධය පළ කළ අතර රජයට විවෘත ආයාචනයක් ද ඉදිරිපත් කළ බවද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

මෙම විරෝධයට යාපනය කතෝලික රදගුරු පදවියේ වීකා ජෙනරාල් ඇතුළු කතෝලික පූජකවරු ජනතාව සමඟ එක්ව සහයෝගය දැක්වූහ.

ඔවුන්ගේ අභියාචනයේ ලිඛිත ප්‍රකාශය පූනරින්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, යාපනයේ ෙ මානව හිමිකම් කොමිෂන් කාර්යාලයට, යාපනයේ රදගුරුවරයාට, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට සහ ධීවර අමාත්‍ය කාර්යාලයට භාර දෙන ලදී.

එම විවෘත ආයාචනයෙහි සිංහල පරිවර්ථනයක් පහත දැක්වේ.

සාමාන්‍ය කාලගුණික තත්ත්වයක් යටතේ බෝට්ටුවකින් මුලංගාවිල් ප්‍රධාන භූමියේ සිට ඉරනතිව් දක්වා ගමන් කිරීමට පැය 1 යි විනාඩි 30 කට ආසන්න කාලයක් ගත වේ. මුහුද රළු වී කාලගුණය අහිතකර වන විට මුහුදු ගමන් වලක්වනු ලැබේ. එබැවින් වෛරස් ආසාදිත මළ සිරුරක් බෝට්ටුවකින් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම හා මුහුදු දුර කිලෝමීටර් 20 ක් තරණය කිරීම ප්‍රායෝගික නොවේ.

ඉරනතිව්හි ජනතාව සහ අපගේ සෙසු උතුරු හා නැගෙනහිර ජනතාව අපගේ සෙසු මුස්ලිම් ප්‍රජාවේ සුසාන අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව නැගී සිටිමින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එරෙහිව හඬ නඟමු. මළ සිරුරු සඳහා අපේ රටේ සංස්කෘතිය අනුව මෙන්ම විශ්වීය මානුෂීය වටිනාකම් අනුව නිසි ගෞරවය ලබා දිය යුතු බව අපි අවධාරණය කරමු. කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුරු තැනින් තැනට ප්‍රවාහනය කිරීම මියගිය අයගේ සහ ඔවුන්ගේ පවුල්වල ගෞරවය උල්ලංඝනය කිරීමකි.

ශ්‍රී ලංකා රජයට විවෘත අභියාචනයක්. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉරනතිව් දූපතේහි කොවිඩ්19වසංගතයෙන් මියගිය අය භූමදාන කිරීමට රජය ගත් තීරණය වහාම ඉවත් කරන්න.
කොව්ඩ් 19 වසංගතයෙන් මියගිය අයව අපගේ දූපතේ භූමදාන කිරීමට රජය ගත් තීරණය නැවත සලකා බලා වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉරනතිව් දූපත් ගම්මානයේ ජනතාව අපි ශ්‍රී ලංකා රජයට සහ අදාළ රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. මන්නාරම් බොක්කෙහි, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනරින් කොට්ඨාශයේ මුලංගාවිල් / නාච්චිකුඩා ප්‍රධාන භූමියේ ෙසිට කිලෝමීටර් 20 ක් පමණ දුරින් ඉරනතිව් දූපත පිහිටා ඇති අතර එය පවුල් 417 ක නිජබිම වේ. යුද්ධය හේතුවෙන්, මෙම දිවයිනේ ජනතාව අ 1997 දී කිලිනොච්චි මුලංගාවිල් ප්‍රදේශයට අවතැන් වූහ. අපට සියලු ජීවනෝපායන්, පශු සම්පත් හා වාසස්ථාන අතහැර දැමීමට සිදුවිය. ශ්‍රී ලංකා නාවික හමුදා දූපතේ පාලනය අල්ලා ගත්හ. 2009 දී යුද්ධය අවසන් වූ නමුත් අපට නැවත අපේ ගමට යාමට අවසර නොලැබුණි. 2016 දී අපි නැවත පදිංචි කරවීම සඳහා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී ව්‍යාපාර සහ උපදේශන කටයුතු ආරම්භ කළෙමු, විරෝධතාවය දක්වමින් වාඩි වී සිටි 395 වන දිනය වූ 2018 අපේ‍්‍රල් 23 වන දින,, අපගේම මුලපිරීමෙන් අපි ධීවර බෝට්ටු 50 කින් මුහුද තරණය කර, සුදු කොඩි ඔසවාගෙන මෙම දූපතට ගොඩ බැස්සෙමු. ඊට නාවික හමුදාවන්ගේ බාධාවක් ඇති නොවීය. වර්තමානයේ අපි ක්‍රමයෙන් දිවයිනේ දුෂ්කරතා තිබියදීත් අපගේ ජීවිත යථා තත්වයට පත් කරගනිමින් සිටිමු.
ඉරනතිව් අවට ඇති මුහදෙහි අපනයන ගුණාත්මක මුහුදු පිපි sea cucumbers ඇතුළු මුහුදු ආහාර වර්ග රාශියක් අඩංගු වේ. රටේ උතුරු ප්‍රදේශයේ ධීවරයින්ට ඔවුන්ගේ බෝට්ටු නැවත ඉන්ධන සැපයීමට, අලුත්වැඩියා කිරීමට, දැල් සකස් කිරීමට සහ විවේකයක් ගැනීමට අවශ්‍ය වූ විට එය වරායක් බවට පත්වෙයි. එහි පස පොහොසත් වන අතර ගොඩබිම් ප්‍රදේශය ගස් වලින් වැසී ඇති අතර වගා කිරීම හා ගව අභිජනනය සඳහා සුදුසු භුමියකි.

කොවිඩ් 19 නිසා මියගිය අයගේ සුසාන භූමිය ලෙස මෙම දූපත් ගම්මානය බවට පත් කිරීම අපගේ ජීවිත මුළුමනින්ම විනාශ කරයි.

එබැවින්, ඉරනතිව් දූපත කොවිඩ් අසාදිතව මියගිය අයගේ සොහොන් බිම බවට පත්කිරීමට ගෙන ඇති අඥාන තීරණය ඉවත් කර ගන්නා ලෙස අපි ශ්‍රී ලංකා රජයට අවධාරණය කරමු. සුදුසු ස්ථානවල මුස්ලිම්වරුන්ගේ සහ අනෙකුත් ප්‍රජාවන්ගේ සුසාන අයිතිය සහතික කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

මේ අතර මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකිම් ට්විටර් පණිවිඩයක සිය විවේචනය මෙසේ ගලපා තිබුණි.
සිරුරු ඉරනතිව් වෙත පිටුවහල් කරන්න! ඔවුන් ව්‍යාජ ආඛ්‍යානයක් නිර්මාණය කළ අතර ඒවා සියල්ලම නිවැරදි බව ඔප්පු කිරීමට බලාපොරොත්තු වෙති. බලාපොරොත්තු රහිතව කම්පනයට පත්වූ ප්‍රජාවකට හිරිහැර කිරීමේ ඔවුන්ගේ දුක්ඛිත සතුටට අවසානයක් නැත. දයානුකම්පිත වර්ගවාදය පවතී!
මුලාශ්‍රය – ශ්‍රිලංකාබ්‍රීෆ්