අසිරිමත් දේවමාතා සිසු සිසුවියන්ගේ දෙමව්පියන්ගෙන් මීගමුව කලාප අධ්‍යක්ෂකට සංදේශයක්.

0
89

මීගමුව, අසිරිමත් දේවමාතා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ දෙමව්පියන් පිරිසක්  පසුගිය ජුනි මස 06 වන සදුදා දින පෙරවරුවේ මීගමුව කලාප අධ්‍යාපන කාර්්‍යාලයේදී එහි ප‍්‍රධානී, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පුෂ්පකුමාර කහගල්ල මහතාට සංදේශයක් භාරදී තිබේ. මෙම සංදේශයෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ  තමන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන මෙම විද්‍යාලයේ කලක පටන් පවතින ගුරු පුරුප්පාඩු  ඉක්මනින් පුරවා කඩිනමින් මෙම විද්‍යාලයේ පරිපාලනයට නිසි විදුහල්පතිවරයෙක් ලබා දෙන ලෙසයි. මෙම විදුහලේ පසුගිය කාලයේ සිටි විදුහල්පතිවරයා ඉතා හොඳ සේවාවක් පාසල වෙනුවෙන් ලබාදී විශ‍්‍රාම ගොස් සැහෙන කාලයක් ගත වුවද පාසලට සුදුසු නිසි විදුහල්පතිවරයෙක් මෙතෙක් ලබා දී නොමැත.  එලෙසම විදුහලේ ගණිත ගුරුවරයෙක් නොමැති වීම ඇතුළු ගුරු පුරප්පාඩු ගනනාවක් ඇති අතර එවා පිරවීමට මීගමුව අධ්‍යාපන පරිපාලන නිලධාරීන් මේ වන විටත් අපොහොසත්ත වී තිබේ. මේ නිසා තම දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ක‍්‍රමවත්ව හා නිසි ලෙස කර ගෙන යාමට නොහැකි වී ඇති බව එම මව්පියන් පවසයි. ඉන් පසු එම දෙමව්පියන්ගෙන් දෙදෙනෙකුට පමනක්  විශේෂ සාකච්ඡාවකට ආරාධනය කර තිබනු අතර ඒ සඳහා මව්වරුන් දෙදෙනෙකු සහභාගී ඇත. එහිදී  මෙම පාසලේ උද්ගත වී ඇති වතාවරණය සම්බන්ධව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පුෂ්පකුමාර කහගල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම මව්වරුන් දෙදෙනාද සමග මෙම විශේෂිත සාකච්ඡුාව පවත්වා තිබේ.
ඉන්පසුව  මීගමුව කලාප අධ්‍යාපන කාර්්‍යාල පරිශ‍්‍රයේ රැු`දී සිටි සිය`ඵ මව්වරුන්ට කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ බී.සී.පී. ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දී පවත්වන රැස්වීමකටද සහභාගී වීමට සිදුවිය.  එම විශේෂ රැස්වීමේදී කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා පවසා ඇත්තේ තවත් සතියක් ගත වන විට මේ විලයේ ති මේ අඩුපාඩු සකසන බවයි. එම දෙමව්පිය පිරිස පවසන්නේ  කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා  පොරොන්දු වු සේ  විද්‍යාලයේ කලක පටන් පවතින ගුරු පුරුප්පාඩු සහ නිසි විදුහල්පතිවරයෙකු නොමැතිවීමේ ගැට`ඵව ඉදිරි දිනවලදී නොවිසෙ`දන්නේ නම්  ඉදිරි කාලයේදී මෙයට වඩා දැඩි කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වීමට සිදු වනු ඇති බවයි.