මේ ගසට විෂ ඉස්ස උන්ට ශාප වේවා !

0
306
160408522 2993511047546360 3020140691718784286 n
157981592 2993510904213041 4718161639742243236 n

මේ විශාල ගස අප දන්නා කාලයේ සිට කටුනායක අැවරිවත්ත baseline පාරේ පොළ ඉදිරිපිට දැවැන්තව පෙනී සිටින්නේ ඒ අවට මිනිස්සුන්ට ත්‍රිරෝද රථ රියැදුරන්ට මාර්ගයෙන් යන එන මිනිස්සුන්ට මෙන්න කුරුළු කොබෙයියන් ටද සෙවනක් දෙමිනි.
නමුත් පසුගිය සතියේ දිනක රාත්‍රී කාලයේ මෙම ගසට විෂ රසායනිකයක් සහිත දියරයක් දමා යම් කිසිවෙකු විසින් ගස මරා දමන්නට සලස්වා ඇත.

මෙය කොතරම් නම් නිහීන ක්‍රියාවක් ද? මනුෂ්‍යයකුට මෙවැන්නක් කළ හැකිද? මිනිසකු මරන්නා හා සමාන මෙම ක්‍රියාව පිළිබඳව එය කළේ කවුදැයි පිළිබඳව ඇවරිවත්ත ප්‍රදේශය පුරා කසුකුසුවක් පවතින අතර කවුරු කලත් මෙය නම් මහා පාපකාරී ක්‍රියාවකි.

දැඩි හිරුරැස් සහිත දහවලට මිනිසුන්ට සතුන්ට මෙම ගහ දැවැන්ත සෙවනැල්ලක් වූයේ වසර ගණනාවක සිටය.

එසේ වූ ගස මරා දමා කවුරුන් හෝ කළේ පාපකාරී ක්‍රියාව කි.


ගසේ එල්ලා ඇති බැනරයේ එයා අපූරුවට කියවී ඇත. ඒ කළ පුද්ගලයා කවුරුන් හෝ වේවා මේ අහල පහලම කෙනෙක් වේ නම් මෙම බැනරය දකින විට ඔහුද පාපයට බිය මැරි මැරී සිටිනු ඇත.
මිනිසුනි මෙවැනි පාපතර ක්‍රියා නොකරන්න. මහ පොළවට සතුන්ට සිවුපාවන් ට සෙවණ දෙන මෙවැනි රුක්ෂයක් මරාදැමීමේ පාප ක්‍රියාවන්හි කොටස්කරුවකු නොවන්න.
චන්ද්‍රා දේවනාරායන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here