සීනි වංචාව මහබැංකු වංචාවට වඩා ඉහලයි – විජිතමුණි සොයිසා

0
230



(11.30 am ) අද වන විට අමු අමුවේ සිංහරාජ වනාන්තරය සහ සේනානායක මහතා හැදූවූ ලොකුම ජලාශය වන සේනානායක සමුද්‍රය ජලය සපයන දාමල් ඔය පමණක් අක්කර 6000ක් වනසනවා. එම ක්‍රියව නීතියට වැලිගසා මහවැලි ඉඩම් කියා එළිපෙහෙළි කරන්න පටන් අරගෙන.

මේ වන විට වන්නිල ඇත්තෝ පවා මෙවැනි දේවල් විඳගන්න නොහැකිව නීතිය පැත්තට ගිහින් නඩුපවරලා. ආධිවාසීන් පවා මේ වනවිට රජයට විරිද්ධයි. මෙහෙම ගියොත් අපිට බොන්න වතුර පොදක් ඉදිරියේදී ඉතුරු වෙන්නේ නැහැ. මෙවැනි වැඩවලට අම්පාරේ ජනතාව පාරට බහිනවද නැද්ද තීරණය කළයුතුයි. එදා අන්නාසි වගාවට මෙම ඉඩම් දෙන්න තැත් කරන්න හදනකොට අපි එදා පැවති රජයට විරුද්ධව පාර්ට බැහැලා වීදි බැහැල එය නවතා ගත්තා.

අපි අද කියනවා පුලූවන්නම් එදා වගේ අදත් කරන්න කියලා. හැබැයි මේ වනකොට බේරගන්න බැරි තරමට විනාශ කරලා ඉවරයි. මේ වන කොට සේනා සේනානායක සමුද්‍රය හිදි ගෙන යනවා.


යැයි කටාන සමගි ජනබලවේගයේ සංවිධායක විජිත් විජිතමු‚ සොයිසා මහතා ආඩිඅම්බලම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනතා උද්ඝෝෂනයකදී පැවසීය.
මෙම උද්ඝෝෂනයේ තේමව වී තිබුණේ සිනී හොරා කරෙන් දැනේ, තෙත් බිම් කාන්තාර බවට පත් නොකරණු, ඇත්තෝ කති බොති ජනතාව හි`ගා කති, පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ විපතට කටුවපිටිය ඇතුලූ අන් ප්‍රදේශවල ජනතාවට සාධාරණය ඉටුකරණු, ප්‍රහාරයේ මහ මොලකරුවන් එළිකර ද~ුවම් දෙනු.


මෙවනවිට ඡන්දය දීමේ සහ දිනීමේ නිදහස පවා අහිමි කරලා. එලෙස ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු වෙද්දි අපි පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ හිටියේ නෑ පළාත් පාලන ආයතනයේ හිටියෙ නෑ කියලා ඇඟ බේරගන්න බැහැ.

අන්න ඒ නිසා අද අපි පළාත් සභා හිටපු පාර්ලිමේන්තු හිටපු, සහ පළාතාත් පාලන තුළ හිටපු සහ සිටින මහජන නියෝජිතයින් පක්ෂ ක්‍රියාකාරීන් සහ ග්‍රාමීය මට්ටමේ නායකයින් ජනතාව ඒකරාශී කර පවතින සර්ගෙ පාලනයට විරුද්ධව ජනතා හ~ක් ඇති කිරීමට මෙලෙස කටානේ කිඹුලාපිටියෙන් සංවිධානය වුණා. රට පාලනය කරන බලධාරීන් පන්නා දමන තුරු අපි මෙලෙස ජනතාව සමග වීදි බසිනවා.


ඒ වගේම මාධ්‍ය ආයතන වලට අත තියන්න එපා කියන එකත් එයාට මතක් කර දෙනවා. මහා රාජ වරුන් ඉන්නේ ඉන්දියාවේ කියා කියන ගමන් ලංකාවේ හොඳම තැන් වරායේ බටහිර ජැටිය ඉන්දියාවේ රාජා වරුන්ට දෙන් පිඹුරුපත් සකසලා.

ඉන්දියාවට ජැටිය දෙන්න හොඳයි. එහෙම තියෙද්දි සිරස වැනි මාධ්‍ය වලට ඇඟිලි දි කරන එකේ සාධාරණයක් තියෙනවද. මේ රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන් එක්දහස් නවසිය අසූ නමයේ ඉඳලා සටන් කරලා නිදහස් ගත්තු අය අපි.
අද ඇස් වලට වැලි ගහලා ගල් රෝලට යට කරලා ගත්ත නිදහස පගාදමන්න දෙන්න බෑ. මාධ්‍ය වලට තොරතුරු හෙළි කිරීමේ නිදහස්, තොරතුරු දැන ගැනීමේ නිදහස, පූර්ණ ව තිබිය යුතුමයි. අද වන විට ආයතන සංග්‍රහය වෙනුවට තියෙන්නේ සර්ගෙ නියෝගය පමණයි. ඒ නිසා අපි මේකට තරයේම විරුද්ධයි.
අපි දැක්කා භාග්‍යා දැරියට මේ වන විට එල්ල වෙලා තියෙන තර්ජන මහජන මුදලින් වැටුප් ලබා ගන්නා වූ යම් නිලධාරීන් ඒ දැරිවියට තර්ජනයක් ළමා හිංසනයක් කාන්තා හිංසනය සිදු කරනවා. මේවට ළමා රක්ෂණ අධිකාරිය ක්‍රියාත්මක විය යුතුයි.
මම වාරිමාර්ග ඇමති සහ වනජීවි ඇමැති ලෙස ක්‍රියා කරපු කෙනෙක් එය ඒ පුරුද්ද මත මම මීගමුවේ දී ලෝක ජාත්‍යන්තර තෙත්බිම් දිනය පසුගිය දා වසැමරුවා. එහිදී ලෝකයම නියෝජිතයා ආවා.අපි මේ වෙනකොට රැම්සා තෙත් බිම් සම්මුතියට අත්සන් කර තිඛෙනවා.
ඝෝටාභය ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් කාලයේත් තෙත් බිම් වලට අත ගැහුවා අපිට මතකයි. එදා එතුමා පාර්ලිමේන්තු අවට තෙත් බිම් වලටත් අතගැසුවා. අත්තිඩියට වැනි තැන්ව තෙත් බිම් වලටත් අතගැසුවා. එතුමා මුතුරාජවෙලට අත ගසලා මේ වෙනකො බිම විනාශ මුඛයට පත් වෙමින්බා තිඛෙනවා. රැම් සම්මුතියට යටත් කර තිඛෙන මෙම තෙත් බිම රැක ගැනීම ඒ වගේම වන වියන ආරක්ෂා කර ගැනීම අප සිදුකළ යුතුය මොණරාගල දිස්ත්‍රික්කය මම කාලාන්තරයක් නියෝජනය කරපු නිසා මම හොඳාකාර දන්නා දෙයක් තියෙනවා.
අද වනවිට තමන් වවාගත්තු තේක්ක ගහක් කපා ගන්න බැරි නීතියක් ක්‍රියාත්මක වන රටක්. කපා ගත්ත දැව කොටයක් ඉරාගන්නට දෙන්නැති නීතියක් තමයි රටේත් පවතින්නේ. යම් කිසි වෙලාවක තමන්ගේ පුද්ගලික ඉඩමක් වට වෙලා තියෙන්නේ වනාන්තර ඉඩමකින් නම් එහෙම පුද්ගලයාට තමුන්ගේ පෞද්ගලික ඉඩමේ දැව ටික කපාගන්න බල පත්‍රරයක් දෙන්නේ නැති නීතියක් තියෙන රටක්.
පසුගියදා කටුව පිටියේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් වසර දෙකකට ආසන්න වෙලා. මේ වන විට මේ පළාතේ සිදු වූ ඒ විපතට කාදිනල් උන්නාන්සේට සහ මීසම් භාර පියතුමන්ලා පාරට බහින්න සිදුවුනා. උන්වහන්සේලා කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කළා. උන් වහන්සේලාට පමණක් පටවලා බෞද්ධ සිංහල ජනතාවට නිහ~වෙලා ඉන්න බැහැ. අපි ඉදිරියේදී මෙම ප්‍රහාරයේ ඝාතකයෝ කවුද කියා හෙළිකරනවා මේ රජයේට එලෙස කරන්න බැරි නම් මේ රජයේත් කොමිසමෙත් රෙද්ද ඉරිලා. දැන් හාමිනේගෙන් තමයි අහන්ඩ වන්නේ. කොමිසමත් අද වෙනකොට රෙද්ද පල්ලෙන් බේරෙන්න පටන් අරගෙන.මේ වන විට මේ ආණ්ඩුවේ බැල්මක් තියෙනවා බෞද්ධ කතෝලික භේදයක් ඇති කිරීමට.


අපි බෞද්යධ සිංහල සහ බෞබෞද්ධ ක්‍රිස්තියානි කතෝලික සිංහල ජනතාව අතර භේදයක් ඇති කරන්න ඉඩ තියන්නේ නැහැ. අපි බෞද්ධයො හැටියට කතෝලික ජනතාවට අපගේ දෑත දිගු කර ඔවුන්ව ආරක්ෂා කරගන්නවා. එදා සිංහලයා මිහිදු මහා රහතන් වහන්සේගේ ශිෂ්ටාචාරයෙන් සහ මිසනාරි ශිෂ්ටාචාරයෙන් පෝෂණය වුණා. ඒ නිසා සිංහල භාෂාවේ විවිධ වචන වල විවිධ භාෂාවල් එකතු වූ සංකලනයක් තිබුණා. ඒ නිසා තමයි සිංහල සාහිත්‍යයත් භාෂාවක් දියුණු වුණේ. යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ කියනවා නම් ඒ වචනය උපයෝගි කරගන්න බැහැ. කියා අප එකට කෙලින්ම විරුද්ධ වෙනවා.

එදා දමිළ සිංහල වේදය ඇතිකළේ දේශපාලනඥයෝ එයින් මේ රටේ ජනතාව යුද්ධයකට කොටුවී බැට කෑවා. පසුගිය කාලයේ දේශපාලඥයෝ මුස්ලිම් සිංහල භේදයක් ඇති කරලා ආණ්ඩුවක් ගත්තා. අද වන විට වඳ පෙතිත් නෑ, වඳ යට ඇඳුනුත් නෑ. වඳ දොස්තරත් නෑ. වද වෙච්ච මුකුත් නැහැ. අනේ මුකුත්ම නෑ.


අද ඔක්කෝම මුදලට යටවෙලා පෙට්ටි පුරා කාසියක් ඇතේ තව මදි වි හොරා කතේ මේ රටක රජ කෙරැමට හොරෙක් මිසක රජෙක් නැත. ඒ නිසා රාජාණ්ඩු කාලේ කවියක් මේ කාලෙට ගැලපෙන නිසා මා කිව්වා. අපි මේ රටේ මේ රටේ පාලනය වෙනස් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී සියලූම ආගමිකයෝ සියලූම ජාතිකයෝ එකතු වෙලා මේ දේ රට පාවා සැලකෙන දේශපාලූවෝ ප්‍රතික්ෂේප කරන දිනේ ලගදිම සිදුවෙන බව කියන්න ඕනේ. අපිට අද කන්න් විදිහක් නැහැ, මුං ඇට කිලෝවක් රුපියල් දහයයි, සීනි වලට බදු සහන දීලා ඒත් සීනි මිල ඉහළ ගිහිල්ලා සීනි වංචාව මහබැංකු වංචාවට වඩා ඉහලින් තියෙන්නේ.

මහ බැංකු වංචාවයි සීනිවල වංචාවයි දෙකම වංචාවක් ම තමයි ඒවා හොයලා කරපු උන්ට දඩුවම් දිය යුතුමයි. මේ බිලියන ට්‍රිලියන වංචාවේ පාඩුව වෙලා තියෙන්නේ පාලකයින්ට ඒ කට අත ගහපු උන්ට නෙමෙයි ජනතාවටයි. ධනපතින් තවත් ධන කුවේර බවට පත්කරන සීමිත පිරිසක් පමණක් එක්තු වෙලා මේ රටේ ගෙනියන ප්‍රජාතන්ත්‍රවිරෝධී එම මහා මං මංකොල්ලය නවත්වන්නට මේ රටේ ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා සමගි ජන බලවේගය හැටියට අපි පාරට බහින්න තීරණය කරළා. එය මේ වන විට ක්‍රියාත්මක කරමින් යනවා.
ඡායාරූප විස්තර
(සීදූවේ විජිත )