දළුපත වගා කරුවන්ට පැල බෙදාදෙයි….

0
213

ගෘහාශ්‍රිතව සුළු වගාවන්ට අතදීමක් වශයෙන්, බෝග පැල බෙදාදීමක් ඊයේ (23) දින සිදු කරන ලදී. මෙම ප්‍රජා සත්කාරය සිදුවූයේ සමෘද්ධි නිලධාරී බ්‍රිටෝ මහතා සහ කෘෂි නිලධාරී අජිත් මහතාගේ මෙහෙයවීමෙනි.
දළුපත සේවා පියසේදී මෙම ප්‍රජා සත්කාරය සිදුකළ අතර සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලබන කාන්තාවන් මේ සඳහා සහභාගි විය. මෙම කටයුත්ත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහත්මියද සහභාගි කර ගනිමින් ඉදිරියේදී ක්‍රමවත් වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කරන බව සමුෘද්ධි නිලධාරී බ්‍රිටෝ මහතා පවසයි.
සැම්සන් ඥානසිරි