ඇක්සයිස් පොත් මන්ත්‍රිගේ නිවසේ සැලැබ් එකට සල්ලි කාගෙන්ද?

0
62

මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකි. මීගමුවේ ප්‍රධාන දේශපාලනඥයෙකගේ ප්‍රබලයෙකුව සිට පසුව ඔහු අතහැර හුලං අත බලා රැවල් දමමින් හයිය අත්තක් අල්ලා ගත්තේය.
බෞද්ධයන්ගේ අයිතින් වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන්නට සැදි පැහැදි සිටින මේ මන්ත්‍රිවරයා පසුගිය කාලය තුල වඩාත් ප්‍රචලිත වන්නට පටන්ගත්තේ ඇක්සයිස් පොත් මන්ත්‍රි ලෙසය.
ඒ මීගමුවේ දරුවන්ට බෙදාදිම සදහා මේ මන්ත්‍රිවරයාට පසුගිය වසරේ දි තිබුන පොත් තොගයක් පොත් කඩයකින් හමුවිමත් සමගින්ය.මේ චෝදනාවට ඔහුව තනි කිරිමට අකැමැති ආණ්ඩු පක්ෂ අනෙක් මන්ත්‍රිවරුන් පිරිසක් මේ අනුව යමින් තමන්ට අනුමත පොත් වලින් දරුවන්ට සියල්ලම දුන්නේ නැත.
ඇක්සයිස් පොත් මන්ත්‍රි ගැන මේ අලුත්ම පුවත පොත් ගැන නම් නොවේ.
ඔහු විසින් අභිනවයෙන් තනමින් ඇති නිවස පිළිබදවය.
මේ නිවසේ සැලැබ් එක නොමිලේම කරවාගන්නට  තරම් වාසනාවන්ත වි ඇත්තේ  නගරයේ අනික් ප්‍රශ්න කෙසේ වෙතත්  බොදුනුවන්ගේ අයිතින් වෙනුවෙන් මහ හයියෙන් හඩනැගිම නිසා ලැබු පින්බල මහිමය නිසාවෙන් විය යුතුය.
ඔහු හමුවට පැමිණ ඇති නගරයේ කොන්ත්‍රාත්කරුවෙකු සිය කැමැත්තෙන්ම මෙම ඉදිකිරිම මේ මන්ත්‍රිවරයා හට කර  දි තිබේ.