රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව මෙස්සීනා ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයක

0
96
IMG_9397 (1)

වසරකට වැඩි කාලයක සිට  මුලු ලොකයම වෙලාගෙන තිබෙන කොරෝනා වසංගත තත්වය නිසා   මහත් පීඩාවට පත්ව  සිටින විදේශ ශ්‍රමිකයන් විසින් තම මව්බිමට යෑමට නොහැකිවීම හා ඒ ආශ්‍රිත තිබෙන ගැටලු වලට සාධාරන පිලිතුරු බලාපොරොත්තුවෙන් ඉතාලිය පුරා පැවති උද්ඝෝෂණ මාලාවේ තවත් එක් උද්ඝෝෂන ව්‍යාපාරයක් අද (28) මෙස්සීනා නගරයේ පියස්ස කයිරෝලී හී පැවැත්විනි. ජනතා විමුක්ති පෙරමුනේ මෙස්සිනා නගරයේ කමිටු සමජිකයින් හා සිසිලියේ පොදු  කම්කරු  සමිතිය විසින් මෙය සංවිධානය කරන ලදි.
ගෝඨාභය රාජපක්ශ ප්‍රමුක ශ්‍රී ලංකා ආන්ඩුව මේ වන විට ශ්‍රී ලංකාවේ පමනක් නොව ජාත්‍යන්තරයේ පවා ප්‍රතික්ශේප වෙමින් පවතින තත්වෙක විදෙස් ගත ශ්‍රී ලාංකිකයෝ ද මෙම රාජපක්ශ පවුල ප්‍රමුඛ ආණ්ඩුවේ දුර්වලතා මෙලෙස විවේචනය කරන තත්වයකට පත් ව සිටීම ඉතාම කනගාටුදයක තත්වයකි.  විශේෂයෙන් කොරෝනා සම්බන්දයෙන් පනවා ඇති නීතී ක්‍රියාත්මක වීමේ පිලිවෙත හා එමගින්  වැඩකරන ජනතාවගේ මුදල් හා  කාලය ගසාකන තත්වයකට පත්ව ඇත. රටවල්  150 වඩා වැඩි ගනනක් තම රටට ඇතුලු වන ජනතාව  සදහා නිවෙස්  නිරෝදායනය  හා කොරෝනා පරීකශන හරහා Nagative  වන අය නිදහස් කිරීමේ පිලිවෙත් අනුගමනය කරමින් පවතින තත්වයක වසංගතයකින් ගසාකන තත්වයකට පත්ව තිබීම විදෙස් ගත ලාංකීකයින් හට ඇත්තෙ තම රට ගැන මහත් කලකිරීමකි.2019 වර්ශයෙදි බොහෝමයක් විදෙශගත ලාංකීක ජනතාව   රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙන ඒමට මහත් පරිශ්‍රමයක් දරන ලදි. ඒ වෙනුවෙන්ම ගුවන් ටිකට් පත් මිලදී ගෙන තම චන්දය පාවිච්චි කිරීමට ලංකවට යමට තරම් උද්ධියෝගයක් පැවතිනි. ඒ වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුව උපහරය දැක්වුයේ  නැවත ලංකාවට යෑම සිහිනයක් කර හමාර කරමිනි. විශේෂයෙන් රාජපක්ශ පාලනය වෙනුවෙන් පෙනිහිටි විදෙස් ගත ශ්‍රමිකයෝ පවසා සිටියේ රාජපක්ශ ලාගේ වැරදි පෙන්වන්න පලමුව එලියට බසින්නේ ඔවුන් කියාය . නමුත්  අද වන විට ඒ කිසිවෙක් සොයා ගැනීමට නොහැකි තත්වයකට පත් ව ඇත.     වෙනදාට වඩා විදෙසගත ලාංකීකයින් මෙම ආන්ඩුවේ ක්‍රියාකලාපය කෙරෙහි  විරෝධය පෑමට ඉදිරියට පැමිනීම හා තම අදසහ් ප්‍රකාශ කිරීමට මහත් උද්යෝගයක් ඇති බව මෙම විරෝධතාවලට සහභාගී වූ ජනතාවගෙන් දක්නට ලැබිනි. එමෙන්ම මෙම විරෝධතාවයට මෙස්සීනා බෞද්ධ විහාරයේ වැඩවසන ගරු ආනන්ද සාගර හිමියන් ද සහභාගී වී සිටි අතර එ හිමියන් විසින් ලංකාවේ පාලකයන්ගේ මෙම  ආසාධාරණ වැඩ පිලිවෙල විවේචනය කරමින් අදහස් ප්‍රකාශ කරන ලදි. එහිදී මෙම ආන්ඩුවට ආවඩන  පැවිද්දන් හා මෙම අසාධාරණය ගැන නිහඩව සිටින ගරු සංඝ්රත්නය ගැන සිහිපත් කරන ලදි. 

IMG_9460

මෙම විරෝධතාවයෙන්  පසු මෙම ගැටලුව සම්බන්දයෙන් රෝමයේ පිහිටි  ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය දැනුවත් කිරීමට  ඉතාලියේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමෙන්තුවේ මෙසීනා නගරයේ නියෝජිතයා හරහා  ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කරන බව උද්ඝෝෂනය සංවිධායකයෝ  පැවසීය.