කඩොලාන අක්කර 8 ක් විනාශ කරපු දේශපාලකයෙක්ට ගහක් ගැන කැක්කුමක් තියෙයිද ?

0
147
166553773 10224328180221657 4962375344202937158 n
කැ

මධ්‍යම අධිවේගී මාර්ගයේ මුල් සැලැස්ම වෙනස් කිරීමට සමහර ‘පිස්සු කාන්තාවන්’ රජයට ඉඩ නොදෙන බව පවසමින් රාජ්‍ය ඇමති නිමල් ලංසා පසුගියදා කියා තිබුනේ මුල් සැලැස්ම වෙනස් කළහොත් බිලියන 88 ක් වැය කිරීමට සිදුවන අතර ගස් 100 ක් පමණ කපා දැමීමට සිදුවනු ඇති බවය.
“සමහර පිස්සු කාන්තාවන්ට අවශ්‍ය පරිදි අපි වැඩ කරන්නේ නැහැ. ඒවා සමහර දේශපාලන පක්ෂවලට පක්ෂපාතී ය. මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට ජනතාවට අවශ්‍යය යැයිද ඔහු පවසා තිබුණි.
රාජ්‍ය ඇමතිගේ මේ ප්‍රකාශය තුල පරිසරය ගැන පමණක් නොව ප්‍රතිපත්තිගරුක රාජ්‍ය නිළධාරින් ගැනද මොනවට පැහැදිලිය.
රටට කෙසේ වෙතත් මිගමුවේ අපට නම් ඇමති ලංසාගේ මේ ප්‍රකාශය කිසිදු පුදුමයක් දනවන එකක් නොවේ .

ඒ මන්දයත් ඔහු කිසිදු හිරිකිතයකින් තොරව අන්ත දුෂිත රාජ්‍ය නිලධාරියෙකුවත් අල්ලගෙන මිගමුව කඩොලාන අක්කර 8 ක් කප විනාශ කළා පමණක් නොව ඒ ගැන දිගින් දිගටම මිපුර පුවත්පත තුලින් හෙළිදරව් කල අපට එරෙහිවද එදා දැවැන්ත තගක් දැම්මේය.

ඒ අපේ කාර්යාලය ඉදිරිපිටට පැමිණ උද්ගෝෂණය කරනවා යැයි කියමිනි.
තවත් එකක් මෙහි ලිවිය යුතුමය.
මිගමුවේ ථෙතිහාසික පැරණි නගර ශාලාව වු මිපුර සිනමා හල අබිලි ද්‍රව්‍ය වලට කඩා දැම්ම සදහා සිය පියා හට එදා ටෙන්ඩරයක් මගින් ලබා දි තිබුනේද දේවානිට පිස්සු ගැනි යැයි කියන මේ ලංසාමය.
ඉතින් මිගමුවේ බහුතරයක් ජනයාට නම් ලංසා වැනි අයවලුන්ගේ ආකල්ප වල දිග පළල අමුතුවෙන් සිතා බැලිය යුතු නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here