කඩොල් කැලෙන් අක්කර 8 ක් කපා විනාශ කළ ඇමති ලංසා දේවානි ඉදිරියේ බොරු කියයි !(විඩියෝ)

0
117

පරිසරය ගැන ඉතා උණුසුම් සංවාදයක් අද පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි මතුව තිබුණි.
ඒ මිගමුව කලපුව අරභයාය
මෙම උණුසුම් සංවාදය තුල එහි සිටි දේශපාලකයන් අතිබහුතරයක් දේවානිට එරෙහිව අවිඅමෝරාගෙන කථා කළද ඇය ප්‍රතිපත්ති ගරුක නිළධාරිණියක් බව යළිත් වරක් රටටම කියමින් ඇය කලපුව ගොඩකිරිම ගැන ව්‍යාපෘතියට අදාලව සිය ස්ථාවරය ඉතාමත් පැහැදිලිව යලිත් වරක් ලකුණු කොට තැබුවාය
සුපුරුදු පරිදි රාජ්‍ය ඇමති නිමල් ලංසා දේවානි ඉදිරියේ තඩි බොරුවක් පතබෑවේය
එනම් ඔහු අද කියා සිටියේ කිසි දිනක තමන් පරිසරය විනාශ කර නැති බවය.
අපට රාජ්‍ය ඇමති නිමල් ලංසාගෙන් අසන්නට ඇත්තේ සරල ප්‍රශ්ණයකි.
එසේනම් 2007 දි මිගමුව කඩොල් කැලෙන් අක්කර 8 කට ආසන්න ප්‍රමාණයක් කපා දමා ගිණි තැබුවේ කව්රුන්ද යනුවෙන් පමණි.
ගල උඩ බළලුන් කැත කළ විට සිදුවන්නේ කුමක්දැයි රාජ්‍ය ඇමතිවරයාටද නිනව් නැත.

2007 වසරේදි මිගමුව කඩොලාන පද්ධතියෙන් නිමල් ලංසාලා අක්කර 8 ක් කපා විනාශ කළ අයුරු .