සැමදා තිත්ත ඇත්ත කථා කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ජනතාවට අහිමිවෙයි !

0
94

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7)  පවසා තිබේ

මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇත්තේ නීති උපදෙස් ලබා ගැනීමෙන් පසුව යැයි ද කතානායකවරයා අද පවසා තිබුණි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරුවූ රන්ජන් රාමානයක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඬුවම් ඉකුත් පෙබරවාරි මස 12 වැනි දා නියම කරනු ලැබීය.
මේ අනුව පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ජනතාව වෙනුවෙන් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් තිත්ත ඇත්ත කථා තළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ජනතාවට අහිමි ගොසිනි.
වංචා දුෂණ සමගින් කප්පම් රජවරුන් සේ හැසිරෙන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙය මහත් අස්වැසිල්ලක්ම වනු ඇත