දේවානිලා ගැන නිහඩව ඉන්න මිගමුවේ සිවිල් සමාජයට අභියෝගයක් ?

0
191

මීගමුව කියල කියන්නේ එක්තරා කාලෙක රටම කථා කරපු අරගල වලට මුල පුරපු ජවසම්පන්න ක්‍රියාකාරින් බිහිකරපු තැනක්.
රටක පාලනයක් හොල්ලන්න තරම් තියුණු අරගලය මතුවුන බිමක් .

නමුත් දැන් මිගමුවේ සිවිල් සමාජය වරින් වර පාරවල් වලට ආවත් ඒ බොහෝ දේවල් ඒ අයගේ ව්‍යාපෘති සිමාවන් අස්සේ තමයි තියෙන්නේ . එහෙම නැත්නම් එයාල කැමැති එයාල සම්බන්ධ කාරණා නිසා තමයි මේ පාරවල් වලට එන වාර ගණන තින්දු වෙන්නේ .ඒ නිසාම ඒ සිවිල් සමාජයට මිගමුවේ ඇත්ත ප්‍රශ්ණ අමතක වෙලා .

රටේම දුෂිත නගරයක් වෙච්ච දුෂිතම කළු සල්ලි වලින් පාලනය වෙන දේශපාලනයක් තිබිම මිගමුවේ සිවිල් සමාජයට ලොකු ප්‍රශ්ණයක් නෙමේ වගේ .
කලපුව ඇතුළු මිගමුවේ සියලු පරිසර පද්ධති ගැන කිසිම හැගිමක් නැති පාලකයන්ට එරෙහිව මිගමුවේ සිවිල් සමාජය තාමත් නිහඩයි. දුෂිත පාලකයෝ ඉන්න තැනක බිහිවෙන ප්‍රථිපල ගැන විතරක් කම්පා වෙලා වැඩක් නැ.



ඒ ප්‍රතිළුල ඇතිකරල තියෙන දුෂිත පාලනයත් එක්ක මිනිස්සු ගැටෙන්න සලස්වන එක තමයි ඇත්තටම කරන්න තියෙන්නේ.
නමුත් ඒක එහෙම වෙන්නේ නැ.
ඒ හින්ද වෙනත් නගරය වල වගේ අව්‍යාජ අරගල, උද්ඝෝෂණ මිගමුවේ කේන්ද්‍රිය කාරණා වලට අදාල මතුවෙන්නේ නැ.

කොටින්ම කියනව නම් දැන් දේවානිලට කෑ ගහන නිමල් ලංසා 2007 මිගමුව කඩොල් කැලේ අක්කර 8 ක් කපල පුච්චල විනාශ කරන කොට මිගමුවේ සිවිල් සාමාජය මීක් ගෑවේ නැ.
ඒක තමයි මිගමුවේ වත්මන් සිවිල් සාමජය ගැන තියෙන තිත්ත ඇත්ත.

ඒ හින්ද ව්‍යාපෘති උවමනාවන් වලින් එහා ගිය සැබෑ සිවිල් සමාජයක් මිගමුව තුලින් මතුනොවෙන්නේ ඇයි කියන එක ඇත්තටම ගැටළුවක්.
සිවිල් සමාජයේ නිහඩ බව ගැන ප්‍රකට පරිසර වේදියෙක් වෙච්ච හේමන්ත විතාන්ගේ සිය ෆෙස් බුක් පිටුවේ මෙහෙම සටහනක් ලියල තියෙනවා.

මීගමු කලපුවෙ කෙරෙන්නෙ වැලි ජාවරමක් කියල මීගමුවෙ ධීවරයොමයි පෝස්ටර් ගහල තිබුනෙ ටික කාලෙකෙට කලින්. මීගමුවෙ ධීවරයන්ව උසාවිත් අරගෙන ගියා. අපි තමයි නීති ආධාර ලබාදුන්නේ. ජාවාරම කරගන්න ඉඩ දෙන්න කියලනෙ ලන්සල කියන්නෙ. දේවානිව මාරු කරල වැඩක් නැහැ.කලපුවෙ කුනු ඉවත්කරන්න එපා කියල දේවානි කියල නැහැ. කලපු සංවර්ධනය නිසි පිලිවෙලට කරන්න. ප්ලාස්ටික් කුනු වෙන කොහෙන්වත් ආවෙ නැහැ. මීගමුවෙ මිනිස්සුමයි ඒව දමල තියෙන්නෙ. ලන්සලගෙ ජාවාරම්වලට දේවානිව බිලිවෙන්න ඇරල නිදාගෙන ඉන්න මීගමුවෙ ජනතාවයි සිවිල් සමාජයයි ලැජ්ජ වෙන්න ඕන.