ජාත්‍යන්තරයත් රවටා ආරම්භ කළ කුණු ව්‍යාපෘතියේ ගැටළු රැසක් මතුවෙන ලකුණු ???

0
175

මීගමුව මහනගර සභාව විසින් ජාත්‍යන්තර ආධාරද යොදා ගනිමින් ක්‍රියාත්මක කිරිමට යන කුණු කසල ව්‍යාපෘතිය පිළිබදව දැනටමත් ගැටළු රැසක් මතුව ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ.
කලින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබුනේ මිගමුව කුට්ටිදුවේ ග්‍රාමයේය. එහෙත් ගම්වාසින් විසින් මෙම ව්‍යාපෘතියට විරෝධය පළකිරිමත් සමගින් එතනින් ඉවත්ව යන්නට නගරාධිපතිවරයාට සිදුවිය.
මෙම ව්‍යාපෘතියට අදාලව පළමු ගැටළු මතුවන්නේ එතැනදිය
ජාත්‍යන්තර ආයතනයක් වෙත ව්‍යාපෘතියක් ඉදිරිපත් කිරිමේදි කල් ඇතිවම එම ව්‍යපාෘතිය ක්‍රියාත්මක කිරිමට නියමිත භුමිය ගැන නිවරදිව දැනුම් දිය යුතුව තිබේ.
ව්‍යපෘතියට අදාලව පළමු කරුණ වෙයි.
ඒ අනුව මිගමුව මහනගර සභාව විසින් මුලින්ම ආදාල ජාත්‍යන්තර ආයතනය වෙත දන්වා යවා ඇත්තේ කුට්ටිදුව ඉඩම වුවද දැන් එතන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නැත.
දැන් එය කාටත් හොරා ක්‍රියාත්මක කිරිම සදහා සුදානම් වෙමින් තිබෙන්නේ කොච්චිකඩේ පොරෙකේ වත්ත නම් වු භුමිය තුලය.
එහෙත් මෙම ස්ථානයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට යන බව ආදල ජාත්‍යන්තර ආයතනයට දන්වා ඇතැයිදැයි තවමත් සැක සහිතය.
ගැටළුව සැබැවින්ම පැන නැගිමට නියමිතව ඇත්තේ මෙතැනදිය.
මෙය හරියට අක්කා පෙන්වා නංගි දෙනවා යැයි කියන අන්දමේ කථාවකි. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය පිළිබදව අවට ජනතාව හෝ කිසිදු දැනුවත් කිරිමක් සිදුකර නැත.
මෙම කුණු කසල කළමණාකරන ව්‍යාපෘතියට අදාලව මිගමුව බලධාරින් කටයුතු කරන්නේ කිසිදු වෘත්තියභාවයකින් නොවන බව ඉතා පැහැදිලිය.
කොමසාරිස්වරිය අඩුම තරමින් මේ ව්‍යාපෘතිය ගැන නාගරික මන්ත්‍රිවරයෙකු විමසා සිටියදි වත් ඇත්ත කියා නැතැයි යන්න දැන් ප්‍රසිද්ධ රහසකි.
මේ සියළු කරුණු අදාල ජාත්‍යන්තර ආයතනය වෙත දැනුම් දිමට කිසියම් හෝ පිරිසක් කටයුතු කරන්නේ නම් මිගමුව මහනගර සභාවට යන්නට වන්නේ හොම්බෙන් බව මේ තුන්වෙනි පංතියේ කොමසාරිස්වරිය දැනගත යුතුව තිබේ.