වෙබ් අඩවි කියවන්න මීගමුව මන්ත්‍රිවරු පුරුදු වෙති

0
63

මීගමුව මහනගර සභාවේ අද පැවති මහසභා රැස්විමේදි  පැහැදිලිව මතුවු එක් කරුණක් වි තිබුනේ මන්ත්‍රිවරුන් සැලකිය යුතු පිරිසක් මීපුර වෙබ් අඩවිය ඇසුරු කරන බවය.
අවස්ථා ගණකදිම මීපුර වෙබ් අඩවිය ගැන මන්ත්‍රිවරු සදහන් කිරිමෙන් මේ බව පෙනි යන බව නම සදහන් කිරිමට අකැමැති වු මන්ත්‍රිවරයෙකු මීපුර ට පවසා සිටියේය.
මේ අතර තවත් කසුකුසුවක් විය.
එනම් මීපුර වෙබ් අඩවියට මේ සියළු තොරතුරු ලැබෙන්නේ කෙලෙසින්ද යනුවෙනි.
මීගමුව තුල ප්‍රාදේශිය මාධ්‍ය කලාවේ ආරම්භ සනිටුහන්නේ වන්නේ 1992 වසරේ මීපුර පුවත් පතේ ආරම්භයත් සමගින්ය.ඉන්අනතුරුව තවත් පුවත්පත් මෙන්ම ගුවන් විදුලියක්ද රූපවාහිනි නාලිකාවක් ද වෙයි.එ් සියල්ල ක්‍රියාත්මක වන්නේ විනෝදාස්වාදය සහ සංස්කෘතික ක්ෂේත්‍රය තුලය.
මේ රටේ විද්‍යුත්  නාලිකා සහ පුවත් පත් පත් විශාල සංඛ්‍යාවක් තිබේ.ඒ සියල්ලකම පාහේ ප්‍රාදේශිය වාර්තා කරුවන්ද මීගමුවේ සිටිති.
එහෙත් මීගමුවේ වැඩිම දෙනෙක් එහි සිදුවන ඇත්තම තත්වය දැනගන්නේ මීපුර වෙබ් අඩවියට පැමිණිමෙනි.විශේෂයෙන්ම මේ අතර මීගමුවේ සහ අවට ජිවත් වන දේශපාලනඥයන් විශාල පිරිසක් සිටින අප හොදකාරවම දනිමු.
මීගමුවේ ජනතාව වෙනුවෙන් පැත්ත නොගෙන ඇත්ත කියන එකම මාධ්‍ය ලෙසින් මීපුර වෙබ් අඩවිය ගෙන යන  තිරාණාත්මක මෙහෙවර අද නැවතත් මීගමුව නගර සභාව තුලදිද ඔප්පු විය.
මීගමුවේ සිදුවෙමින් ඇති චංචා දූෂණ දෙස බලන කල එය ලංකාෙව් දූෂිතම නගර යැයි කියන්නට කරුණු තිබේ.  විනෝදාස්වාදය සැපයිමේ මාධ්‍ය කලාවෙන් ඔබ්බට ප්‍රාදේශිය මාධ්‍ය කලාව ඔසවා නොතබන්නේ නම් ඉන් කිසිදු පලක් වෙතැයි අප නම් නොසිතමු.