”හලාල් බස් ”වල යන්ඩ කියලා අපට කියනවා- නාගරික මන්ත්‍රි නස්මියාර් මහතා

0
68

අද පැවති මහ සභා රැස්විමේදි අදහස් ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි  මොහොමඩ් නස්ම්හාර් නාගරික මන්තී්‍රවරයා පැවසුවේ මෙම යෝජනාවේ පළමු කොටසේ සඳහන් වන ආකාරයට භික්ෂුන් වහන්සේලාට පහරදීම ගැන තමන්ද විරුද්ධ වන වවයි.
එලෙසම ඔහු පැවසුවේ අද වන විට රටේ සිටින සිංහළ දෙමළ සහ මුස්ලිම් යන සියළුම ජනතාවට නිදහසක් නැති බවයි. එලෙසම අද වන විට ලංකාව තවත් යුද්ධයක් එනම් සිංහල-මුස්ලිම් යුද්ධයක් බලාපොරොත්තු වන බවද ඔහු පවසයි . එලෙසම ජනාධිපතිතුමන් මේ පිලිබඳව මැදිහත්වීම ප්‍රමානවත් නොවන බවද ඔහු පවසයි.
අද වන විට බොදු බල සේනා යනුවෙන් සංවිධාන පිහිටුවා ගෙන අද මේ රටේ සිටින මුස්ලිම් ජාතිකයන්ද යුද්ධයකට හසු කර ගැනීමට උත්සහ දරන බව ඔහුගේ අදහසයි. මේ අතරින් අඟුරුකාරමුල්ල විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වැනි ජාතීන් අතර එකමුතුකම සහජීවනය පවත්වා ගැනීමට කටයුතු කරන ස්වාමීන් වහන්සේලා මේ රටට අවශ්‍යව ඇතැයි ඔහු මෙහිදී අවධාරනය කලේය.
ඊයේ දිනයේ කිලිනොච්චියේ පිහිටි උදයන් පුවත් පතට එල්ල වූ ප්‍රහාරය පිලිබඳවද ඔහු මතු කලේය. ආන්ඩුවේ ද්‍රවිඩ ජාතික ඇමතිවරු වන තොන්ඩමන් වැනි අය මේ කාර්්‍යයේදී තාමිල්නාඩුව සහ ජාත්‍යන්තර දැනුවත් කල යුතු බවත් ඔහු පවසයි.
එලෙසම ඔහු පැවසුවේ මෙය අවශ්‍ය නැති යෝජනාවක් ලෙසය. එලෙසම ් පසුගිය කාලයේ ඉන්දියාවේ වේලක්කන්නි ගිය කතෝලික පිරිසකට එහිදී පහර දීම පිලිබඳව මෙලෙස යෝජනාවක් නොගෙනාවේ මන්දැයි ඔහු සභාවෙන් ප්‍රශ්න කලේය.
බොදු කල සේනා සහ හෙළ උරුමය එක්ව කටයුතු කරන බවත් තමන් මුස්ලිම් ජාතිකයෙකු නිසා අද වන විට බස් රථයක පවා ගමන් කිරීමට නොහැකි තත්වයක් මේ රටේ පවතින බව ඔහු පවසයි. මුස්ලිම්වරු පළදින තොප්පියක් හෝ මුස්ලිම් කාන්තාවක් පර්දාවක් දමා බස් රථයක පවා යන විට එයින් බැස හලාල් බස් රථයක ගමන් කරන්නැයි පවසන බවත් එවැනි අප්‍රසන්න තත්වයක් රටේ මේ වන විට මතුව ඇති බවද ඔහු පවසයි. ජනාධිපතිතුමන් මේ පිලිබඳව දැඩි ලෙස මැදිහත්ව මෙම ප්‍රශ්ණ විසදාවී යයි තමා අදහස් කරන බවද ඔහු අවසාන වශයෙන් පැවසීය.