අගමැති හා පක්ෂ නායකයින් අතර ගැටුමක්? – ඇත්ත කතාව මෙන්න

0
86
messenger sharing button

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නැගිට ගොස් ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නැතැයි අගමැති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු පැවසිය.   ඔහු එබව කියා සිටියේ, අගමැතිවරයා හා ආණ්ඩුවේ පක්ෂ නායකයින් අතර අද පැවති රැස්වීම කඩාකප්පල් වී ඇතැයි ‘පොහොට්ටුවට’ සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.   මේ සම්බන්ධයෙන් ”ආණ්ඩුවේ අර්බූදය උඩු දුවයි: අගමැති-පක්ෂ නායක රැස්වීම කඩාකප්පල් වෙයි.” යන ශීර්ෂයෙන් යුතුව ‘මව්රට’ වෙබ් අඩවියේ ද වාර්තාවක් පළකර තිබු අතර හා ‘ලංකා සී නිව්ස්’ වෙබ් අඩවිවලද ඊට සමාන පුවත් වාර්තාවක් පළකර තිබිණ.  

gjfgh

  එම පුවත් වාර්තා සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අගමැති මාධ්‍ය අංශයේ නිලධාරියා පැවසුයේ, අගමැති මහින්ද රාජපක්ෂ විසින් කල තිබු පුර්ව දැනුම්දීමක් අනුව විමල් විරවංශ අමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු අද පෙරවරුවේ අගමැතිවරයා හමුවී සුහදව කතාබහ කර පිටවගිය බවයි.    විමල් විරවංශ සමග වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ටිරාන් අලස් හා අසංග නවරත්න යන පක්ෂ නායකයින් එම අවස්ථාවට එක්ව තිබේ.  

  වැඩේ අල කළේ බැසිල් ද ?  
පළාත් සභා මැතිවරණය ක්‍රමය සම්බන්ධයෙන් ‘පොහොට්ටු’ පක්ෂය හා ආණ්ඩුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ අතර පවතින මතගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා මැදිහත්වන මෙන් ජනාධිපතිවරයා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.    එහි පළමු පියවර ලෙස විමල් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින් සමග සාකච්ජාවක් පවත්වනලෙස ජනාධිපතිවරයා එහිදී අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණ. විමල් විරවංශ ඇතුළු කණ්ඩායම සමග අද (19) දිනයේ සාකච්ජාවක් පැවැත්වීමට අගමැතිවරයා දින නියමකර ගෙන තිබුනේ ඒ අනුවය.   

මෙම සාකච්ජාවේදී අවධානය යොමුකළ යුතු කරුණු පිළිබඳව එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහා ඊයේ (18) රාත්‍රී අමාත්‍ය විමල් විරවංශ ගේ නිල නිවසේදී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.    වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, අසංග නවරත්න හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ යන පක්ෂ නායකයින් මෙම අවස්ථාවට එක්ව තිබේ.   එම සාකච්ජාව අතරතුරදී අමාත්‍ය උදය ගම්මන්පිල විසින් අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ වෙත දුරකථන ඇමතුමක් ලබාගනිමින්, අගමැතිවරයා සමග අද දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ජාව සම්බන්ධයෙන් කරුණු විමසීමක් කර ඇත. 

  එම රැස්වීම සඳහා බැසිල් රාජපක්ෂ විසින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් පනස් ගණනකට ආරාධනා කර ඇති බව අනාවරණයවී ඇත්තේ එහිදීය.    එම අවස්ථාවේදී විමල් විරවංශ ඇතුළු කණ්ඩායම අද දිනයේ පැවැත්වෙන රැස්වීමට සහභාගී නොවීමට වහාම තීන්දුකර ඇති අතර එබව අගමැතිවරයාට දැනුම් දෙන්නැයි යෝෂිත රාජපක්ෂගෙන් ඉල්ලීමක් ද කර තිබේ.  

ඒ අනුව, අද උදැසන 9.00ට පෙර තමා හමුවන්නැයි අගමැතිවරයා, යෝෂිත රාජපක්ෂ හරහා විමල් විරවංශ ඇතුළු කණ්ඩායමට දැනුම් දී ඇත.   ඒ අනුව අද උදැසන අගමැතිවරයාව මුණගැසී ඇති අමාත්‍ය විමල් විරවංශ ඇතුළු කණ්ඩායම, තම කණ්ඩායමට  අගමැතිවරයා සමග විශේෂ සාකච්ජාවක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.   අද පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමට සහභාගිවීමේ අවශතාවයක් නැතැයි මෙහිදී පවසා ඇති අගමැතිවරයා, විමල් ඇතුළු කණ්ඩායමට ඉක්මනින්ම දිනයක් ලබාදෙන බවට සහතික වී ඇත.    ඒ අනුව, අගමැතිවරයා සමග පැවති සාකච්ජාවෙන් අනතුරුව ඔවුන් පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමට සහභාගී නොවී පිටවගොස් තිබේ.   කෙසේවුවද ‘පොහොට්ටු’ කාර්යාලයෙන්  අද පෙරවරුවේ කැඳවා තිබු රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී ඇතැයි වාර්තාවේ.    
ආණ්ඩුවේ  මන්ත්‍රී කණ්ඩායම අද සවස රැස්වේ  
මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රුස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (19)  සවස 6. 30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.  

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  
එහෙත් වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනය හේතුවෙන් එම රුස්වීම  අද පස්වරුවේ පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි පැවසේ.   මේ අතර ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන අයට එරෙහිව විනය පියවර ගන්නැයි අද පැවැත්වෙන ආණඩු පක්ෂ රුස්වීමේදී ඉල්ලීමක් කිරීමට මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බවද වාර්තා වේ.   අද පස්වරුවේ පැවැත්වෙන මෙම රැස්වීමට අද උදැසන අගමැතිවරයා හමුවූ විමල් විරවංශ අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම ද එක්වීමට නියමිතය.  

theleader.lk