බලය වෙනුවෙන් අහිමිකළ ජිවිතවලට යුක්තිය ඉල්ලා මහපාරට….

0
144

බලය වෙනුවෙන් අහිමිකළ ජිවිත වලට යුක්තිය ඉල්ලා දහස් ගණනින් කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් මිගමුවේදි දැවැන්ත පෙරහැරකට එක්ව සිටියහ.
පාස්කු ඉරුදින ම්ලෙච්ඡ ප්‍රහාරයෙන් දිවි අහිමිවුවන්ගේ ඡායාරුපද රැගෙන මේ පෙරහැර .අද සවස 4.30 ට පමණ මිගමුව මාරිස්ටෙලා විදුහල්භුමියෙන් ඇරඹි පෙරහැර කටුවාපිටිය දෙව්මැදුර දක්වා ගමන් කළේය.
මිය ගිය අය වෙනුවෙන් යුක්තිය ඉල්ලා ලංකා ඉතිහාසය තුල වැඩිම ආගමික නායකයන් පිරිසක් එක්ව සිටි පෙරහැර මෙය විය හැක.
මේ සැමගේ එක්ම ඉල්ලිම විය හැක්කේ අහිංසක ජිවිත බිලිගනිමින් බලය වෙනුවෙන් මේ ම්ලේච්ඡ ප්‍රහාරය සිදුකළ මහ මොළකරුවා කව්ද යන්නය.
ඒ වෙනුවෙන් අද ඇරඹි මේ යුක්තිය පතා ගමන හදවත් ඇති සැම විසින් ඉදිරියට ගෙන යා යුතුව ඇත්තේ බලව වෙනුවෙන් හිංසනය යොදගත් අයට මතක හිටින දේශපාලන පාඩමක් කියා දෙමිනි.