දිවුලපිටියත් හුදකලා කරයිද ?

0
89

කොරෝනා ආසාදිතයන්ගේ සිඝ්‍ර වැඩිවිම හේතුකොට ගෙන දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ටාශයේ ගම්මාන කිහිපයක් වසා දැමීමේ අවශ්‍යතාව පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙන බව ඩේලි මිරර් වෙබ්අඩවිය වාර්තා කොට තිබේ.
මහජන සෞඛ්‍ය පරික්ෂක ( පරිපාලන ) කුලතිලක සදහන් කර තිබුනේ වාර්තා වි ඇති ආසාදිතයින්ගෙන් එක් අයෙකු අවුරුදු නවයක් වයසැති පාසල් සිසුවෙකු බවය.
එකම පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු ආසාදනය වී ඇති අතර ප්‍රධාන නිවැසියා අතුරුදහන් වී ඇති බව ඔහු පවසා තිබුණි.

බලපෑමට ලක් වූ ප්‍රදේශවල පාසල් වැසීමේ අවශ්‍යතාවය සොයා බලන ලෙස නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ විසින් නිලධාරීන්ටද උපදෙස් දි ඇත.
මහජන සෞඛ්‍ය පරික්ෂක කුලතිලක පැවසුවේ දඹදෙණිය රෝහලේදී මියගිය අයෙකු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.සිදුකරන්නට යෙදුන පරික්ෂණවලදි
කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවත් පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු නිරෝධායනය කර ඇති බවත් වැඩිදුරටත් සදහන්ය.