වාසි ලැබු අයව සොයන්න එවිට මහ මොළකරු හමුවෙයි(විඩියෝ)

0
190

පාස්කු ප්‍රහාරයට වසර 2 කක් පිරෙන මොහොතේ සැමගේ ගැටලුව වි ඇත්තේ මේ තිරිසන් ප්‍රහාරය සැලසුම් කළ මහ මොළකරු කව්දැයි කියාය.
කෙසේ වෙතත් මිගමු කලාපිය කතෝලික බලමණ්ඩලය විසින් ප්‍රදර්ශණය කර තිබුන බැනර් සහ පොස්ටර් වලින් එක් කරුණක් ඉතා පැහැදිලි විය.
එනම් මේ රජයේ පාස්කු විමර්ශණ කටයුතු ගැන සැක සහිත බවය. යමක් හංගන බවද ඉන් ගම්‍ය වේ. එමෙන්ම රට පවතින්නේ ආනාරක්ෂිත තත්වයක බවද ඔවුන් කියා සිටිති
මේ අතර පසුගිය 21 වෙනිදා උදේවරුවේ සාමකාමි විරෝධතාවයක් සංවිධානය කරමින් මිගමු පුරවැසි එකතුව කියා සිටියේ වාසි ලැබු අය කව්දැයි සොයන්න එවිට මහ මොළකරු සොයාගැනිමට හැකි වන බවය.
ඒ පිළිබදව මිපුරට වැඩිදුරටත් අදහස් දක්වමින් බ්‍රිටෝ ප්‍රනාන්දු මේ කරුණු ගැන තවත් විස්තරයක් ඉදිරිපත් කර තිබුනි