බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ පොකුර හමාරයි ! දැන් අලුත් අවුරුදු පොකුර ..

0
108

මේ දිනවල හමුවන කොවිඩ් රෝගීන් අයත් වන පොකුර ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුර’ යනුවෙන් නම් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (29) පස්වරුවේ නිකුත් කළ නව කොවිඩ් රෝගීන් පිළිබඳ වාර්තාවේ එම රෝගීන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් බව සඳහන් කර තිබිණී.

මීට පෙර කොවිඩ් රෝගීන් වාර්තා වූ පොකුරු මිනුවන්ගොඩ කොවිඩ් පොකුර, බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර, පෑලියගොඩ කොවිඩ් පොකුර, බන්ධනාගාර කොවිඩ් පොකුර ආදී වශයෙන් නම් කර තිබිණි.

ඒ අනුව මෙරටින් වාර්තා වන නවතම කොවිඩ් පොකුර වන්නේ අලුත් අවුරුදු කොවිඩ් පොකුරයි.
මේ අනුව ඊයේ දිනයේ සිට රටවටා හමුවන රෝගින් අලුත් අවුරුදු පොකුරට අයත් වනු ඇත.
අලුත් අවුරුදු පොකුරක් නිර්මාණය විය හැකි බව දැන දැනත් එය පාලනය කිරිමට කිසිදු සක්‍රිය මැදිහත්විමක් නොකළ සියළු බලධාරින් සහ අදාල ආයතන රට දැන් මුහුණ දෙමින් ඇති අර්බුදයට වගකිව යුතුය. ඒ හා සමානවම වගකිම් විරහිත ලෙසින් කටයුතු කළ මහජනයා පිට පැවරෙන වගකිමේන්ද ඔවුන් කිසි විටකත් සමාවක් නොලැබෙනු ඇත.
මේ රටේ අද මහජනයාට වගකිමෙන් කටයුතු කරන ලෙස කියන මාධ්‍ය අති බහුතරයක් පසුගිය අවුරුදු සමය තුල සිය වගකිම නිසි ලෙස ඉටුකළාද යන්න ඔවුන් විසින්ම ප්‍රශ්ණ කරගත යුතුව තිබේ.
ඇතැම් නාලිකා නුවරඑළියේ සැලලිහිණි වසන්තයට නිති පතා සිය මාධ්‍ය ඔස්සේ ඇරයුම් කළ හැකි මතකය.
වසංගතය ඇරඹි පසුවද ඔවුන් එය නවත්වා තිබුනේ නැත.
වැරදි කළ සුලුතරයක් නිසා අද බහුතරයක් යළි අර්බුදයකට ගමන් කරමින් සිටිති