හෝටල් සාද,රැස්විම් අද(01) සිට තහනම් !

0
300

කලින් එතරම් ගණන් නොගෙන සිටි පාලකයන් විසින් දැන් දිනපතා විවිධ සිමා කිරිම් හදුන්වා දෙමින් තිබේ.
ඒ අනුව අද සිට රාත්‍රි 10.00 සිට හෝටල්වල සිදුකරන සාද, රැස්වීම් සහ රාත්‍රී සමාජශාලා ක්‍රියාකාරකම් සති දෙකක කාලයක් සඳහා තහනම් කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.


මිගමුවට සහ කටානට අදාලව ගතහොත් රජය විසින් මෙවැනි නිති ගෙනවා යුතුව තිබුනේ සැබැවින්ම අවුරුද්දට පෙරම බව ඉතා පැහැදිලිය.
නිදසුනක් ලෙසින් අවුරුද්දට පෙර Avenra හෝටලයේ පැවැති ආහාර සැණකෙලිය සදහන් කළ හැක.
දින 3 ක් පැවැති මෙම සැණකෙලියට එක් දිනකදි අවම වශයෙන් 2000 කට වැඩි පිරිසක් කිසිදු සෞඛ්‍ය නීතියක් පිළිනොපදමින් කටයුතු සභභාගිව විය.

එමෙන්ම පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් භාන්ඩ මිලදී ගැනීමට වෙළෙදසැල් තුලට ජනතාව යෑමේදී ඔවුනොවුන්ගේ ශාරීරික දුරස්ථභාවය තබා ගත හැකි පරිදි කටයුතු කරනලෙසත්, එමෙන්ම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වෙළෙදසැල් හිමියන්ගෙන් ද ඉල්ලා සිටින බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.


මේ අවධාරණයන් කෙසේ සිදුකළද මිගමුවේ බොහෝ තැන්වලදි අදාල ආයතන ප්‍රධානින් විසින් මෙන්ම වෙළද සැල් හිමියන් විසින්ද රට මුහුණ දි ඇති අවධානම් තත්වය වඩාත් හොදින් තේරුම්ගනිමින් කටයුතු කරන බවක් නොපෙනේ.
සති පොළවල් පැවැත්විම නිසා එළවළු මිළට ගැනිමට එන පාරිභෝගිකයන් වෙනුවෙන් මිගමුවේ ස්ථාන කිපයකම ස්ථාපිත කොට ඇති එළවළු වෙළදැ සැල් එළවළු තබා තිබෙන ආකාරයමත් පරණ විදිමය.


ඒවා මිළට ගැනිමට එන අයගේ මිටරේ දුර තබා සැනිසයිටර්වත තබා ඇති බවක් නොපෙනේ .
එවැනි තැන් පිළිබදව අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් නිසි විමර්ශනයක් කරන්නේද යන්නම ගැටළුවකි