රන්ජන් දිවි නහගන්න හදලද ?

0
67

උඹ සියදිවි හානි කරගන්න හදනව කියල පට්ටපල් බොරු නිව්ස් එකක් හැමතැනම යද්දී උඹගෙ කටහඩ අහන්න ලැබුන එකට සතුටුයි වගේම උඹ මානසිකව වැටෙන්නේ නැතුව ඉස්සර වගේම විහිලුවෙන්, හිනාවෙන් කතාකරපු එක අපේ හිතටත් ලොකු හයියක්, ඒ නිව්ස් එක උඹට කිව්වම වැඩියෙන්ම හිනාවුනෙත් උඹමයි 🤣🤣….


තමන්ගේ ඇත්ත අනන්‍යතාවයවත් පෙන්නගන්න බැරි බොහෝ සුලු පිරිසක් මේකෙ පොර ටෝක් දෙනව උඹ මැරෙන්න හදනවලු,උඹ ඕක ඇතුලේ අවුරුදු 4 හිටියොත් වීරයෙක්ලු, තව එකෙක් කියනව නෙල්සන් මැන්ඩෙලා වගේ ඕකෙ ඉන්න ඕනලු එලියට එන්නේ නැතුව, ඒ බූරුවට අමතකද දන්නේ නැහ මේක ලන්කාව මිසක් දකුනු අප්‍රිකාව නෙමේ කියල..

උඹ උඹට හැගෙන ඇත්ත කතාකරල හිරේ ගිය මිනිහෙක් මිසක් හොරකමක් , වන්චාවක්, එහෙමත් නැත්නම් ආන්ඩු පෙරලන්න කුමන්ත්‍රනය කරල සිරගතවුනු මිනිහෙක් නෙමේ..උඹ එලියට එනවට අකමැති ටික දෙනෙක් හරි ඉන්නවනම්,ඒ ඉන්නෙත් උඹව එලියට ගන්න අපිට චන්දේ දෙන්න කියල අනාගතයේ කියන්න බලාගන ඉන්න උඹේම කට්ටියයි,අනිත් පැත්තේ ඉන්න පට්ට හොරු ටිකකුයි,උන්ගේ අනුගාමිකයොයි විතරයි…

කොහොමත් ඊලග මැතිවරනය උඹ මොන පැත්තෙන් ,මොන දිස්ත්‍රික්කයෙන් ඉල්ලුවත් ,උඹ නිසාම චන්දය දෙන්න බෝහෝ පිරිසක් ඉන්නව…

උඹගේ දේශපාලනය කවදත් රැදුනේ යාලු මිත්‍ර කම මත මිසක් පක්ශයක් වෙනුවෙන් නෙමේ..විජය මාමා සමග ශ්‍රිලනිප දේශපාලනය එක්ක හිටපු උඹ, පසුකලෙක ජනාදිපති වුන මහින්ද මහතා විපක්ශයේ ඉන්න කාලයේ කාල්ටන් නිවසේ නතර වෙලා පාර්ලිමේන්තු මැතිවරනයකින් එතුමාව දිනවන්න කැප වුන කෙනෙක්.විජය මාම මහජන පක්ශය හදද්දී උඹ ඒ පක්ශයත් එක්ක ඉස්සරහම හිටපු එකෙක් , චන්ද්‍රිකා මැතිනිය දිනවන්න රට වටේම ගිය එකෙක් ,එජාපේ හතර ගාතෙන් වැටිල ඉන්න වෙලාවක රනිල් මහතාට සහයොගය දීපු උඹ අද ඉන්නේ සජිත් මහතා සමග…..

කිසිම පක්ශෙක වහලෙක් නොවුන කෙනෙක් වුනු උඹ හැමදාම කිව්වේ හොද මිනිස්සු වගේම පට්ට හොරුත් මේ හැමඑකේම ඉන්නව මචන් කියලයි..උඹ හිරගෙයින් එලියට එන්න ඕනා කියන එක විතරයි අපේ බලාපොරොත්තුව..උඹ මැන්ඩෙලා වෙන්න මේක සුදු කලු බේදය තිබ්බ දකුනු අප්‍රිකාව නෙමේ…

.උඹ ඕකෙන් එලියට ඇව්ත් මොකෙන් චන්දය ඉල්ලුවත් මිනිස්සු උඹට චන්දේ දෙයි, ඒ උඹ ලන්කාවේ ඉන්න හොදම දේශපාලකයන්ගෙන් කෙනෙක් හින්ද නම් නෙමේ ,මේ දූශිත දේශපාලනයේ ඉන්න උන්ගෙන් තරමක් හෝ අවන්ක,මහජන දේපොල කොල්ල නොකාපු,බොහොම අතලොස්සක් වුනු උන්ගෙන් එකෙක් නිසා… 👍

(නිරන්ජන් අසරප්පාගේ ෆේස්බුක් පිටුවෙන්)