මිගමු නගරය මැද මහ දවල් රත්තරන් මුදු හොරකමක් ?

0
107

මීගමුව නගර මධ්‍යයේ පිහිටි ස්වරණාබරණ වෙළඳ සැලකට පැමිණි තරුණයෙක් මුදු මිළදි ගැනිමේ මුවාවෙන් සිට ඒවා පැහැර ගෙන යාමේ සිදුවිමක් ඊයේ සවස් වරුවේ වාර්ථා විය.
සමනල ගොඩනැගිල්ල අසල පිහිටි අම්බිකා ජුවලර්ස් නම් ආයතනය වෙත ඊයේ පස්වරු 1 ට පැමිණි තරුණයන් දෙදෙනෙකු මුදු තෝරමින් සිට ඇත
පසුව මින් එක් තරුණයෙකු යළිත් වරක් පස්වරු 3 ට පැමිණ රත්තරන් මුදු කිපයක් තෝරමින් සිටින අතරේම ඒවාද රැගෙන පැනගොස් තිබේ.
මේ මුදු 4 වටිනාකම දළ වශයෙන් ලක්ෂ 5 ක් පමණ වන බව කියැවේ.
නගරයේ ආරාක්ෂාව වෙනුවෙන් මිගමුවේ ව්‍යාපාරිකයන් විසින් නඩත්තු කරන පොලිසිය විසින් පවත්වාගෙන යන උකුස්සා නම් වු ආරක්ෂක සේවකයක්ද ක්‍රියාත්මක අතර එහි ප්‍රධාන වගකිම වි ඇත්තේද නගරයේ වෙළද සැල්වලට ආරක්ෂාව සැපයිමය