මීගමුවේ එන්නත ගහන්නේ නගරාධිපතිද ? MOH ද

0
105

මීගමුවේ වැඩිම අවදානම් කලාපයක් සේ සැලකෙන කුරණ ප්‍රදේශයේ ජනතාව සදහා චීන එන්නත අද මිගමුව මහ නගර සභාවේදි ලබාදෙන බවට දැන්විමක් නගරාධිපති දයාන් ලංසා විසින් ඔහුගේ ෆේස් බුක් පිටුවේ පළකර තිබේ
එහි සදහන් සියළු විස්තර වලට අනුව පෙනි යන්නේ සමස්ථ එන්නත්කරණ වැඩසටහන නගරාධිපතිගේ වැඩක් බවය.
සෞඛ්‍ය අමාත්‍යංශය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා නිල වගකිම මිගමුවේදි දේශපාලන අධිකාරිය විසින් හයිජැක් කර ඇති බව ඉතා පැහැදිලිව මේ අනුව පෙනි යයි.
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා යනු සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරන්නේකු මිස දේශපාලන අධිකාරියේ නියෝගවලට වැඩකරන අයෙකු නොවිය යුතුය.
එහෙත් අවාසනාවකට අනික් බොහෝ ඉහල නිලධාරින් මෙන්ම MOH ද ලංසා පවුලේ MOH බවට පත්ව ඇති අකාරය ඉතා පැහැදිලිය
පසුගිය කාලය තුල මිගමුව දේශපාලන අධිකාරියට එල්ල වු ප්‍රධාන චෝදනාව වි තිබුනේ ඒ අයට හිතවත් අයට VIP පෝලිම් වලින් පැමිණ මහජනයාට ඇති අවස්ථාවන් උදුරා ගනිමින් එන්නත ලබාගැනිමට අවස්ථාව සලස දිම පිළිබවය.
මේ සියළු වංගු ඒ වෙනුවෙන්ම බව දැන් තවත් පැහැදිලිය
මීගමුව යනු රටේ නීතිය පිළිනොගන්නා අමුතුම තැනකි. හමුදාපතිගේ නීති පමණක් නොව ජනාධිපතිගේ නීතිද මිගමුවට වලංගු නැත.හමුදාපතිට අනුව රටේ මඟුල් පුජා පැවැත්විම සපුරා තහනම්ය. එහෙත් නගරාධිපති පසුගියදා මිගමුව වැල්ලවිදියේ පැවැති මඟුල් පුජාවකදි අත්සන් කරන්නට ගොස් තිබුනේද ඔහුය.එපමණක නොව ඔහු මන්ත්‍රි මණ්ඩලයේ ඇතැම් අයට කියා තිබුනේ මගුල් පූජාවල් තියාගන්න අවැසි තමාට දැනුම් දෙන ලෙසය.
එක රටක් නීති ගොඩයක් .ආඩම්බර්ය සෑර් ….