දැන් රටේ ප්‍රශ්ණේ ඇදන්ද ? මිගමුවේ ප්‍රශ්ණෙ තවත් වාට්ටුවක්ද.. ?

0
54

කොරෝනා අස්සේ දේශපාලකයන්ගේ අජුත මාධ්‍ය සංදර්ශණ තරගයක් යලිත් නිර්මාණය වෙමින් තිබේ. ඒ පිස්සන්ට හැතැක්ම නැතැයි යළි යළිත් සිහි ගන්වමින් තිබේ
පොහෝට්ටුවේ පිරිසකට දැන් ඇදන් මේනියාවක් ඇතිව තිබේ. කලින් තිබුනේ තාප්ප පින්තුර මේනියාවය.දැන් එහිම අංක 2 පටන් ගෙන ඇත.
එහෙත් ඇත්ත ප්‍රශ්ණය ඇදන්ම නොවන බව වෛද්‍යවරුන් හා අදාල කාර්ය මන්ඩල ඉතා නිවරදිව රට හමුවේ තබා තිබේ.
රටේ මේ වනව විටත් දැවැන්ත කාර්ය මන්ඩල හිගයක් මතුව තිබේ.
මිගමුව රෝහලටද එසේය.
පරණ වාට්ටුවක් පිළිසකර කොට මාධ්‍ය සංදර්ශන පැවැත්විමෙන් ලබාගන්නට යන ලාභ දේශපාලන වාසියට එහා ගිය දැවැන්ත ගැටළු රැසක් මිගමුව රෝහල තුල තිබේ.
දැනටමත් ඇති 21 වාට්ටුවේ ප්‍රශ්ණ රැසකි.
අඩුපාඩුකම් එමටය.
21 එකට යාබද තවත් වාට්ටුවක් පිළිසකර කිරිමේ අවශ්‍යාතාවයක් මෙන්ම ඒවාට අවැසි පහසුකම්ද සපාය දිය යුතුව තිබේ.
ඔක්ෂිජන් පිළිබද ප්‍රශ්ණයක්ද මතුවෙමින් තිබෙන බව කියැවේ.
රෝහලේ ඇත්ත ප්‍රශ්ණ එසේ තිබියදි රෝහලේ ඈතින් තැනක පරණ වාට්ටුවක් නගරාධිපතිගේ කෝටකටත් තෛලය වු TO ද කැටුව ගොස් තවත් ටකරන් මඩුවක් අටවා ගොඩයන්නට කව්රුන් හෝ හිතනවා නම් ඒය සංදර්ශණයක් මිස ඉන් එහා දෙයක් නම් නොවේ.
මේ ගැන රෝහලේ අධ්‍යක්ෂකවරිය විවෘතව අදාල අය වෙත මේ ඇත්ත කිව යුතුව තිබේ.අර්බුදකාරි අවස්ථාවක මිගමුවේ හිටපු නිලන්ති නම් අධ්‍යක්ෂකවරියගෙන් ඉගන ගන්නට බොහෝ දේ තිබේ.
ඒ ඇය ඉතාමත් විශිෂ්ඨ සේවාවක් 2017 ඩෙංගු අර්බුදය මැද මිගමුව රෝහලට ඉටුකළ නිසාය