පළගතුරේටත් බෝට්ටු රේස්

0
262

— මහා සයුරේ නැගෙන රළ පරදා ඉදිරියට ඇදී … ˜ යන තේමාව මුල් කර ගනිමින් මීගමුව, පළගතුරේ ශාන්ත ආනා ක්‍රිඩා සමාජය ප්‍රථම වරට පවත්වන ලද බෝට්ටු තරගාවලිය ,පලගතුර මුහුදු වෙරළ තිරයේදී අද (2013/04/07) පෙරවරුවේදී පැවැත්විණි. ප්‍රථම ත්‍යාගය ලෙස රු.350,000/- ක් වටිනා බෝට්ටු ඇන්ජිමක්ද, දෙවන සහ තෙවන ස්ථාන සදහා බෝට්ටු 02 ක් ද , 04 වන ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා සැටලයිට් කට්ටලය බැගින්ද වන ත්‍යාග පිරිනමන ලදී.
සරත් ගුණරත්න ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා සභා නිමල් ලාංසා පලාත් සභා අමත්‍යවරයාගේ ඇතුළු තවත් ප්‍රදේශයේ සංචාරක හෝටල් ව්‍යාපාරිකකයන්ගේ මුල්‍ය අනුග්‍රහය යටතේ මෙම බෝට්ටු තරගාවලිය පැවැත්විණි. පළගතුර ප්‍රදේශයේ ධීවරයන්ට වෙන් වුණු මෙම තරගාවලියට බෝට්ටු 34 ක් පමන සහභාගී වු අතර එම බෝට්ටු තර`ග වට 03 ක් පවත්වා ඉන් ජය ලබන බෝට්ටු අවසාන වටයට සුදුසුකම් ලබයි. විශාල ජනකායක් මෙම තරගාවලිය නැරඹීම සදහා පැමිණි සිටි අතර තරගය සංවිධානය කල ශාන්ත ආනා ක්‍රිඩා සමාජයේ සමාජිකයෙකු පැවසුවේ ප්‍රදේශයේ ධීවරයන්ගේ දක්ෂතා එලි දක්වා ඔවුන් නියැලෙන ධීවර කර්මාන්තයට යම් දිරි ගැන්වීමක් ලබා දීමට මෙම තරගය පැවැත්වූ බවයි.