කටුනායක ,සීදූව එන්නත්කරණය අවුලෙන් අවුලට ..??? PHI ලාටත් තර්ජන !

0
83

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඊයේ දින මධ්‍යස්ථාන දෙකක එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර , එහිදී එන්නත් ලබා ගැනීමට පැමිණ සිටි පිරිසට ප්‍රමාණවත් පරිදි එන්නත් ලැබී නොමැති නිසා , එම කොට්ඨාසයේ එන්නත් ලබා දීම සදහා පැමිණ සිටි  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට , එම ජනතාව බැන වදිමින් තර්ජනය කළ බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසු බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ. 

රද්දොළුගම ප්‍රජා ශාලාවේ සහ කෝවින්න විහාරථානයේ මෙම එන්නත්කරණ වැඩසටහන අද දින උදෑසන සිට ක්‍රියාත්මක විය.

එහිදී මෙම මධ්‍යස්ථාන වලින් එන්නත් ලබා ගැනීම සදහා දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණ තිබුන බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.
මෙම මධ්‍යස්ථාන දෙක තුළ දී ලැබී තිබූ එන්නත් මාත්‍රා 1,400 ක් ලබා දුන්න ද , මෙම එන්නත් ලබා ගැනීම සදහා පැමිණ සිටි ඉතිරි පිරිස තමන් වෙත ද එන්නත් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙලෙස කළහකාරී ලෙස හැසිරී තිබේ .

තමන් අවශ්‍ය එන්නත් ඇනවුම් කළ ද , ඒවා කලට වේලාවට නොලැබීම නිසා තමන් ඇතුළු අනෙකුත් මහජන පරීක්ෂකවරුන් මෙසේ අපහසුතාවට පත් වූ බව ද සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය .

මේ අතර මිගමුවේ මහනගර සභාව තුල ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන එහෙම පිටින් දේශාපාලනීකරණය ලක්ව ඇතැයි බරපතල චෝදනා රැසක් එල්ල වි තිබේ.
නගරාධිපතිවරයා සිය හිතවතුන්ට මහනගර සභාවේ පස්ස දොරෙන් එන්නත ලබාදිමට කටයුතු කරමින් තිබිම මේ ජනතා විරෝධයට හේතුවි තිබේ