පිටිපන ලෙල්ලමේ 16 කොරෝනා යැයි කියු දිවයින පුවත ටොම් පචයක්…

0
42

මිගමුවේ කෙරෝනා තත්වය ගැන ඇතැම් අසත්‍ය පුවත් ඉතා පැහැලි ලෙසම ඒ අයගේ ජිවිත වලටදැඩි බලපෑමක් කරනු නියතය.විශේෂයෙන්ම දිවයින පුවත් පත පිටිපන ලෙල්ලමේ 16කට කොරෝනා යැයි විමල් කිර්ති විසින් ලියා ඇති පුවත ඉතා පැහැලිදිවම සත්‍යයෙන් තොරවුවකි.
මේ පිලිබදව අප කල විමසුමකදි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවා කියා සිටියේ ලෙල්ලම් වලින් වාර්තා වු ආසාදිතයන් ගණන 01 ක් බවය
තතු එසේව තිබියදි දිවයින පුවත්පත කිසිදු පදනමකින් තොරව ආසාදිතයන් 16 ලෙසින් නම්කර තිබිම ලෙල්ලම හා බැදුන සමස්ථ ධිවර ක්ෂේත්‍රයට ඉතා නරක අන්දමින් බලපාන බව මිගමුවේ ප්‍රකට ධිවර ව්‍යාපාරිකයෙකු මිපුරට කියා සිටියේය. එමෙන්ම එවන් අසත්‍ය ප්‍රවෘත්ති ෆේස් බුක් හරහා ප්‍රචාරය කිරිමට සම්බන්ධවු Negombo news නමින් ක්‍රියාත්මක පිටුව ගැනද චෝදනාවක් මේ වන විට එල්ලව තිබේ.ඒ එවන් අසත්‍ය පුවත් තවදුරටත් බෙදාහැරිම පිළිබදවය.Negombo news යන නමද යොදා ගනිමින් ක්‍රියාත්මක ඒ පිටුවට මිපුර වෙබ් අඩවියේ කිසිදු සම්බන්ධයක් නැති බවද මිපුර පාඨකයන් හට පැහැදිලිව ප්‍රකාශ කළ යුතුව ඇත.
මිපුර වෙබ් අඩවිය මෙන්ම එයට සම්බන්ධ ෆේස් බුක් පිටුද කිසිවිටකත් අදාල අංශ විසින් නිසි ලෙසින් තහවුරු නොකළ  පුවත් පළ නොකරන බවද යළිත් වරක් අවධාරණය කරනු කැමැත්තෙමු .
විශේෂයෙන්ම මේ කොරෝනා සමය තුල ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රවෘත්ති පළකිරිමේ බරපතල වගකිම් සෑබෑ මාධ්‍ය වලට හා ප්‍රතිපත්තිගරුකව ආචාරධර්ම පදනම් කොට ගනිමින් මාධ්‍ය වෘත්තියේ නියැලෙන අයට පැවරි තිබේ.