මීටරේ නැති දේශපාලකයන්ගේ මාධ්‍ය සංදර්ශණ ..

0
116

රට දැන් තිබෙන්නේ දැවැන්ත අර්බුදයක් හමුවේය. ඒ වෙනුවෙන් දැනටත් කඩිමුඩි රෙගුලාසි දිනපතා වෙනස්කරමින් අලුත් කරමින් පැනවෙමින් තිබේ.
විවාහයක් ලියාපදිංචි කිරිමේ අවස්ථාවටත් උපරිමය 15 ක් ලෙසින් නිතිය පැනවි හමාරය.
තතු එසේව තිබියද තාවකාලිකව කොරෝනා අවැසිතාවයන් සදහා ඉදිරිකරන ලද ටෙන්ට් එකක් වැනි ශාලාවක් විවෘත කිරිම සදහාත් ගම්පහ පොහොට්ටු නායකයන් පිරිස් කැදවමින් රටට විහිළු සපයන බව මිගමුවේ ජේෂ්ඨ පොහොට්ටු ක්‍රියාකාරිකයෙකු මිපුරට කියා සිටියේය .එපමණක් නොව පසුගිය දිනවල තවත් තැන් කිපයදිම මේ ආකාරයේ විවෘත කිරිමේ මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි.
රටටම බණ කියන නායකයන්ගේ ඇත්තම තත්වය නම් මිටර් නැති දේශපාලකයන් බව යළි යළිත් ඔප්පු කරමින් තිබේ.
මේ පිළිබදව සමාජ මාධ්‍ය තුල ක්‍රියාකාරිව හැසිරෙන ඉදුනිල්ගේ ෆේස් බුක් පිටුවේ මේ ගැන තියුණු විවේචනයක් සටහන් කර තිබුණි

ඒ ගමන ආන්ඩුවෙ මැටි දේශපාලු රැල කෝව්ඩ් රෝගීන්ට තාවකාලිකව හදපු නිරෝධායන මධ්‍යස්තානත් දෙතුන්සීයක් පමණ රැස්කරලා පීත්ත පටි කපල විවෘත කරන්න පටන් අරන්… මේ එකක් රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යාතනයට අයත් මොරගස්මුල්ල කාන්තා නේවාසිකාගාරය .. අනක ගම්පහ වේරල්ලවත්තෙ පොලිටෙක්ස් ගාමන්ට් ආතතනයට අයත් ගොඩනැගිල්ලක්.. මේගොල්ලො දැන් මේවා අලුතෙන් හැදුවා වගේ පීත්තපටියෙ එල්ලිලිලා ඒක කපලා විවෘත කරන්නත් පටන් අරයි… මෙහෙම යනකොට කෝවිඩ් වලින් මැරෙන අහිංසකයින්ට අලුතෙන් ආදාහගාර හදලා පීත්ත පටි කපල ඒවත් මේවගේම ඕපන් කරත් පුදුම වෙන්න දෙයක් නෑ.. මොලේ කලඳක් නැති කලදුටුකල ඕනම දේකින් වල ඉහගන්න සූදනම් තක්කඩි මස් පර්වත පාර්ලිමේන්තු යවපු රටක මේවා පුදුම වෙන්න දේවලුත් නෙමෙයි.. ඇත්තටම මේ නං මිනිස්සු වෙන්න බෑ…..