කොරෝනා අවදානම මැද නීල් මැරින් ආයතනය වසා දැමේ !

0
64

නීල් මැරීන් ආයතනයේ පසුගිය සතියේ සිදුකරන ලද  pcr පරීක්ෂණ වලින් ආසාදිත තිදෙනෙකු හමුවීමත් සමග එහි වසාදමන ලද වෙල්ඩින් අංශය නැවත අගහරුවාදා විවෘත කරන ලදි, එදින එම අංශය ඇතුලු සියලු සේවකයන්  හා කාර්ය මන්ඩලය pcr පරීක්ෂණය සදහා යොමු කිරීමට නීල් මැරීන් ආයතනය තුල කටයුතු සකස් කරන ලදි, 150ත් 200 ත් අතර වූ සේවක සංඛ්‍යාවක් සේවය කරන මෙම ආයතනයේ  සේවකයන් අතරින් 150 පමන වූ පිරිසකට pcr පරීක්ෂණය සිදුකරන ලද අතර නීල් මැරීන් ආයතනය අවට පිරිසක්ද ඊට සහභාගි විය, නමුත් නීල් මැරීන් ආයතනයේ සේවකයන් 25ත් 30ත් අතර වූ පිරිසකට හා කාර්ය මණ්ඩලයේ පිරිසකටද pcr පරීක්ෂණය සදහා අවකාශ නොලැබීම කනගාටුවට කරුනකි.

එසේම එම පිරිස සදහා සිකුරාදා දින අවස්ථාව ලැබෙන බව සේවකයන් හට  දැනගන්නට ලැබුනා, එසේම අගහරුවාදා දින pcr කරන ලද සේවකයන් බදාදා දින රාජකාරියට වාර්තා කරන ලදි, pcr කල නොකල සියලු දෙනා එකට වැඩකරන ලද බව දැනගන්නට ලැබිනි, එසේම බදාදා දින  සිදුවු කනගාටුදායක සිද්ධිය වන්නේ වඩුවැඩ අංශයේ  අසනීප ගතියෙන් සිට ඇති සේවකයකු  ඇන්ටිජෙන් පරීක්ෂාවට යොමු කිරීමෙන් පසු කොරෝ්නා ආසාදිතයෙක් බව හදුනාගැනීමත් සමගය, බදාදා දහවල් 1.30 ත් 2.00 පමන වෙන විට ආයතනය දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කරනලදි.


එසේම මෙහි වැඩකරන සේවක සේවිකාවන්ගෙන් සැලකියයුතු ප්‍රමානයක් කඩොල්කැලේ ආශ්‍රිතව වාසය කරන්නවුන් ලෙස, ඔවුනටද මෙම කොරෝනා වෛරසය වැලදීමේ හා පැතිරීමේ අවදානමක් ඇති බව පැවසිය යුතුමය