මීගමුවේ ජවිපෙ මන්ත්‍රිවරු නගරාධිපතිගේ ලක්ෂ 7 කැමරාවට විරුද්ධ නොවුනේ ඇයි ..????

0
76

මීගමුවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රින් දෙදෙනා සහ මන්ත්‍රිවරිය සැබැවින්ම මහසභාවේ නරුම යෝජනා වලදි පවා සිය පතෝල න්‍යාය ක්‍රියාත්මක කරමින් සිටිති.
මෙවර මහසභාවට මහජන මුදල් ලක්ෂ හතාමාරක් වැය කරමින් අති සුඛේාපහෝගි කැමරාවක් නගරාධිපතිගේ පරිහරණය සදහා මිලට ගැනිමට කර තිබුන ජනතා ද්‍රෝහි යෝජනාවටද ජවිපේ මන්ත්‍රින් සිය පතෝල න්‍යාය යොදාගෙන විරුද්ධව නොවි නිහඩව සිට ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි ජවිපේ මන්ත්‍රිවරයෙකු කියා සිටියේ ඔවුන් විරුද්ධ විම හෝ පක්ෂවිම නොකර නිහඩව සිටි බවය.
පෙරලා අප අසා සිටියේ ජනතා විරෝධි යෝජනාවලට ජවිපෙ මන්ත්‍රින් ලෙසින් විරුද්ධ නොවන්නේ ඇයිදැයි යනුවෙනි.
එය ඔවුන්ගේ දේශපාලන තීන්දුව බවද කියා සිටියේය
එවැනි පතෝල ක්‍රියාකාරිත්වයක් ඇති ලංකාවේ එකම ජවිපෙ මන්ත්‍රිලා සිටින්නේ මිගමුවේ පමණක් විය යුතුය.