රට යන්න බලන් ඉන්න අයගෙන් මුදල් ගසා කෑමේ ජාවාරමක් යළි ක්‍රියාත්මකයි !

0
116

අන්ත පිඩාවට පත්ව සිටින හැමට ඇත්තේ කොහොම හරි ගොඩයන්න නම් රට යන්න තමයි ඕනා කියන අදහස. ප්ලේන් එකෙන් එහෙම යන්න බැරි අය හැමදාම හීන දකිනව ඇත්තේ බෝට්ටුවකින් හරි යවනවා යැයි කියන කව්රු හරි හම්බවෙනකන් වෙන්න ඇති ..
ඉතින් ඒ අසරණයන්ව මිරිකලා ගානක් අරන් රට යවනවා කියල හලාවතට පැත්තට ගෙන්න ගෙන පොලිසිවලට ඔත්තු දෙනව ඇත්තෙත් මේව සංවිධානය කරන උන්ම වෙන්න ඇති.
මිට කලිනුත් කිප සැරයක්ම හලාවත මහවැව තොඩුවාව පැතිවලල ඉදල අහුවුනේ යුද්ධෙන් හොදට බැටකාපු උතුරු නැගෙනහිර අසරණයො .
වැඩේ කියන්නේ රට පනින්න හිටිය කියල නිව්ස් වලට ගියාට මේ එක සැරේකවත් එහෙම රටයන්න කියල ලැස්තිකරල තිබුන බෝට්ටුවක්වත් අහුවුනේ නැ.
එකෙන්ම තේරෙනවා ගේමේ හැටි.
ඊයේ( 13 ) රෑත් මේ වගේම ගේමක් වෙලා තියෙනවා හලාවත ඉරණවිල .මාධ්‍ය වලට සහ පොලිසියට අනුව මේ අහුවෙච්ච 29 දෙනෙක් ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න තමයි හිටියේ කියල කියවුණා.
නමුත් එහෙම කියන අයමත් දන්නව මේ දවස් වල කොහෙ යන්නද කියල.
මුහුද සැරයි වාරකන් පටන් අරන්. අනික මේ දවස්වල ධිවරයෙක්වත් මුහුදු ගියේ නැ ඉයත්තුව සැර හින්ද . පට්ට හුලං.
අනික නාවික හමුදාව හැම පැත්තක්ම ඇස් ඇරගෙන බලන් ඉන්නේ මෙහෙ උන් පනිනව කියල නෙමේ මෙහෙට පනින්න බලන් ඉන්න උන්ව අල්ලගන්න
අපි කවදාවත් හිතුවෙ නැති වුනාට ලංකාවටත් දැන් පැනල එන්න බලන් ඉන්න මිනිස්සු ඉන්නව වගේ.හැබැයි ඒ ඉන්දියාවේ කොරෝනා හින්ද
කොහොම උනත් දැන් කාලෙක ඉදන් දකුණේ ජාවාරම්කාරයෝ එකතුවෙලා උතුරු නැගෙනහිර මිනිස්සුන්ව හාවා කරගෙන ගාන කපනවා ගානට.,
මේ නාට්‍ය ජවනිකා පිටපත් වල ආරක්ෂක අංශ මහත්තුරුත් යම් යම් චරිතවලට ඇති..
නැතුව යන්න බෑ… එහෙම තමයි මේ පිටපත් ලියවෙන්නේ .