මොරටුවේ, චිට් එක සහ මිගමුවේ බෙන්ජමින්ගේ තුණ්ඩුව ..

0
379

මොරටුව නගරසභා බල ප්‍රදේශයේ කෝවිඩ් එන්නත් ලබාදීම ඊයේ (17) දිනයේ සිදුකර ඇත්තේ, මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ගේ තුන්ඩුවක් (චීට්) රැගෙන පැමිණි අයට ප්‍රමුකත්වයක් ලැබෙන පරිදි බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

  කෝවිඩ් එන්නත් කිරීම සිදුකරන්නේ අදාල බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH – Medical Officer of Health)  හරහාය.    ඒ අනුව මොරටුව නගර සභා බලප්‍රදේශයට MOH කොට්ඨාශ දෙකක් ඇතුලත් වේ.    ඒ, මොරටුව දකුණ හා එගොඩ උයන ලෙසය. 

මෙම MOH කාර්යාල හරහා අද දිනයේ කොවිඩ් එන්නත් කරන බව දැනුම්දීමත් සමග නගරාධිපතිවරයා තමාගේ නිල මුද්‍රාව තුන්ඩුවක් සකසා මොරටුව බලප්‍රදේශයේ පොහොට්ටු පාක්ෂිකයින්ට පෙරේදා ( 16 ) රාත්‍රීයේ බෙදා දී ඇත. 

ඒ අනුව අදාල තුන්ඩු කොළ රැගෙන පැමිණි පොහොට්ටු පාක්ෂිකයින් පෝලිමෙන් පරිබාහිරව එන්නත් විදගැනීමට කටයුතු කළ අවස්ථාවේදී උදැසන 4 සිට පෝලිමේ සිටි සාමාන්‍ය පුද්ගලයින් ඊට විරෝධය පළකිරීම තුළ බලවත් නොසන්සුන්තාවයක් ඇතිව තිබේ.

මේ අවස්ථාවේදී අදාල සෞඛ්‍ය නිලධාරීන් රාජකාරි කටයුතුවලින් ඉවත්ව ඇත. 

ඒ අවස්ථාවේදී නගරාධිපතිවරයා ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට බලපෑම් කරමින් සෞඛ්‍ය නිලධාරීන් වහාම සේවයේ යොදවන ලෙසට දැනුම් දී ඇත.

පසුව ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා අදාල නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ නගරාධිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙස බවද මිරර් පුවතේ සදහන්ය

මේ අනුව පොහොට්ටු පක්ෂයේ නොවන බොහෝ පිරිසකට ඊයේ දිනයේ දී එන්නත් ලබාගැනීමට නොහැකිවී ඇති බවද පැවසේ.

මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම



මේ අතර මිගමුවේ නගරාධිපතිවරයාද VVIP එන්නත් දන්සලක් නගර සභාවේ පස්සා දොරෙන් ක්‍රියාත්මක කරන බව දැන් මිගමුවේ පමණක් නොව රටේම ප්‍රසිද්ධ රහසකි.

එහෙත් රටේ සෞඛ්‍ය බලධාරින් මේවා ගැන මීක් කියන්නේ නැත.
සුදර්ශණි ඉන්නේ අල්ලපු වැටේය. ඇයද මේ එන්නත් නාඩගම ගැන හොදින් ම දනි.ඇයද නිහඩය.

දැන් මේ එන්නතකරණය තවත් දේශපාලනකරණය වෙමින් නගරාධිපති දායන් ලංසාගේ එජාප බඩියන් විසින්ද තුණ්ඩු බෙදන්නට පටන් ගෙනය. ඒ එන්නතට වේලාවක් වෙන්කර ගැනිමට ඔවුන් අමතන ලෙස කියමිනි.මෙහි ඇති විලිලැජ්ජාව නම් මෙසේ තුණ්ඩු බෙදා ඇත්තේ මිගමුවේ එජාප සංවිධායකවරයා විමය.


පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට මිගමුවෙන් තරග කලේද ඔහුය. දැන් ඔහු වඩාත් සමිප එජාප නායකයන්ටත් වඩා ලංසා පවුල වෙතය.
මේවා ගැන රනිල්ල මෙන්ම රංගේලාද දන්නවාදැයි අපි නොදනිමු. කවදත් එජාප බලකොටුවක් වු මිගමුවෙ මේ වන විට ලංසා පවුලේ අගුපිලට ඇද දමා තිබේ

සමන්ලාල්ගේ එන්නත් චිට් එක