ලංකාදිප පච පුවතට කුරණ ග්‍රාම නිළධාරිවරයාත් පිළිතුරු දෙයි

0
241

මීගමුවේ කොරෝනා තත්වය පිළිබදව සති 2 කක් තුල පච පුවත් දෙකක් ජාතික පුවත් පත් විසින් වාර්තා කර තිබුණි. ඉන් පළමුවැන්න දිවයින පුවත් පත විසින් වාර්තා කර තිබුනේ පිටිපන ලෙල්ලමේ 16 කට කොරෝනා බවය.
දැන් ලංකාදිප පුවත් පතද කුරණ කොරෝනා ආසාදිතයන් ගණන 1250 ක් යැයි අමුලික පච පුවතක් පළකර තිබේ.
මේ පච පුවත් දෙකම මිගමුවේ එක් ප්‍රාදේශිය වාර්තාකරුවකු අතින් සිදුව තිබිමද විශේෂත්වයකි.

මිගමුව ගැන ඇත්ත පුවත් මතු නොකරන ඒවා සගවාලමින් වාර්තාකරණයේ යෙදෙන අශුද්ධ සන්ධානයක්ද මේ වන විට නිර්මාණය වි ඇති බව පෙනේ ඔවුන් එකිනෙකා විසින් පුවත් බෙදා ගන්නවා පමණක් නොව ඒ අය විසින් පළකරන පච පුවත් පවා මිගමුපුවත් යන ලේබලය යටතේ බෙදා හැරිමට ෆේස් බුක් පිටුද නිර්මාණය වි තිබේ.

මේ අශුද්ධ සන්ධානයට දැන් දැවැන්ත මුගුරු පහරක් එල්ල වි තිබේ.

ඒ මිගමුවේ ඉතාමත් වැදගත් තැනකිනි.ගම ගැන හොදටම දන්නේ ගමේ ග්‍රාම නිළධාරිවරයාය. කුරණ පච පුවත ගැන මේ හෙළිදරව්ව නොබියව සිදුකර තිබුනේ රොහාන් දරිජු නම් කුරණ ග්‍රාම නිළධාරියා වරයාය.
ඔහු ප්‍රසිද්ධියේ මේ පච පුවත අභියෝගයට ලක්කරමින් සිය ෆේස්බුක් හි සටහනක් තබා තිබේ.
එමෙන්ම දැනට වාර්තා වන අන්දමට අදාල සෞඛ්‍ය බළධාරින් විසින් ඒ පච පුවත් නිවරදි කරන ලෙසද අදාල වාර්තාකරුවා හට දැනුම් දි ඇතැයිද සැලය