මීගමු රෝහළ තුළ මළ සිරුරු අර්බුදයක්….

0
180

මීගමු රෝහලේ විවිධ හේතූන් මත මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු අදාල ඥාතීන්ට ලබා ගැනීම සඳහා දැඩි වෙහෙසක් සහ කාලයක් ගන්නා බව අපට තොරතුරු ලැබී ඇත.

මේ වන විට එසේ ගොඩගැසී අැති සමහර මළ සිරුරු වල පනුවන් ගසා ඇති බවත් , මෘත ශරීරාගාරයට ඔරොත්තු නොදෙන සිරුරු ප්‍රමාණයක් මෙහි තැන්පත් කර ඇති බවත් එමආරංචි මාර්ග පවසයි.

මීගමුව රෝහළේ මෘත ශරීරාගාර ප්‍රශ්ණය කලක සිට පැවත එන්නකි. මළසිරුරු තැන්පත් කර ඇත්තේ මාළු ප්‍රවාහනය සඳහා යොදාගන්නා වාහනයක කොටසක් තුළය.
මෙය අක්‍රීය වූ අවස්ථාවල දී මාළු කල්තබා ගන්නාක් මෙන් මෙම මළ සිරුරු කල් තබා ගැනීමට අයිස් භාවිතා කිරීමට සිදුවේ. නව මෘතශරීරාගාරයක් ගොඩ නැගෙමින් පවතින නමුත් එය සිදුවන්නේ ඉබි ගමනින්ය.

මේ අතර රෝහල් ආරංචි මාර්ග දක්වා සිටියේ අද දිනය වන විට මෘත ශරිරාගාරයය තුල ගොඩගැසි ඇති මෘත ශරිර ගණන 25 ද ඉක්මවා ගොස් ඇති බවය

කෙසේ නමුත් අද (18) දිනයේදී මළ සිරුරු 14ක් පමණ ඉවත් කිරීමට හැකිවූ බවට තොරතුරු ලැබිණ. මෙම මළ සිරුරු අදාල ඥාතීන්ට ලබා දීමට නොහැකි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ කොරෝනා වසංගතය නිසා ඊට අදාල පරීක්ෂණ කටයුතු කිරීම ප්‍රමාද වන බැවිනි. එබැවින් ඒ සඳහා අදාල නිලධාරීන් මේ සඳහා වැඩි අවධානයක් දිය යුතුව ඇත. එසේම මීගමු රෝහළේ මෘතශරීරාගාරය ඉක්මණින් ඉදිකර ගැනීමද අත්‍යවශ්‍ය කරුණක් බවද සඳහන් කළ යුතුය.
සැම්සන් ඥානසිරි