මීගමුවේ සුහද සේවා සුපිරි වෙළද සැලත් යළි අවධානම් ???

0
110

රටේ පාලකයන්ගේ අසාර්ථකත්වය හමුවේ පිමි පණිමින් වර්ධනය වෙමින් ඇති කොරෝනා වසංගත තත්වය දිනෙන් දිනම විවිධ තැන්වලින් මතුවෙමින් තිබේ.
මේ ඇතැම් ස්ථාන කෙලින්ම ජනජිවිතයට සම්බන්ධව ඇති නිසා එම තත්වයන් පාලනය කිරිමට කඩිනම් මැදිහත්විම් අනිවාර්ය තිබේ.

මිගමුව නගර මධ්‍යයේ පිහිටි සුහද සේවා සුපිරි වෙළද සැල තුලද මේ වන විට යම් කොරෝනා අවදානමක් මතුව ඇතැයි වාර්තා වන අතර බළධාරින් විසින් නොපමාව එයට අදාල නිසි සෞඛ්‍ය විධිවිදාන ක්‍රියාත්මක කළ යුතුව තිබේ.මිට දින කිපයකට ඉහතදි සුහද සේවා සුපිරි වෙළද සැලේ භාණ්ඩ කිරුම් අංශයේ සේවකයෙකුට වෛරසය ආසාදනය වි තිබුන අතර මේ වන විටත් තවත් ආසාදිතයෙකු සේවකයෙකු වාර්තා වි තිබේ

මිට පෙර පැවැති පාලනයේ දුර්වලතාවය මත සුහද සේවා සමුපාකාර කාර්යාල මන්ඩලයේ විශාල පිරිසකට කොරෝනා ආසාදනය වි තිබුණි.එබැවින් මේ නව පාලනයට පැවරෙන වගකිම අතිමහත්ය. නගරය මැද වැඩි ජනතාවක් යන එන තැනක් ලෙසින් ඒ වගකිම් නොපමාව ක්‍රියාත්මක කිරිම ඒ සැමගේ මේ මොහොතේ වගකිම වනු ඇත