කොරෝනා මැද්දේ මීගමු ධිවරයෝ කබලෙන් ලිපට !

0
102

මීගමුවේ අතිබහුතරයක් ජනයා දිවි ගැටගසා ගන්නේ ධිවර කර්මාන්තය තුලිනි.පවතින කොරෝනා අර්බුදය තුල අද මේ ධිවර ක්ෂේත්‍රයට සම්බන්ධ අයට සාධාරණයක් ඉටුකිරිමට මෙන්ම සාමාන්‍ය ජනයා අතර මාළු ලබාගැනිමට කිසිදු ක්‍රියාත්මක වැඩපිලිවෙලක් සකස් කිරිමට මිගමුවේ බලධාරින් මෙන්ම දේශපාලන අධිකාරියද අපොහොසත්ව සිටිති.
මේ නිසාම ඇතැමුන් ඉතාමත් අවිධිමත් ආකාරයෙන් පාරවල් ගානේ පොලිස් හිරහැර මැද්දේ මාලු ටිකක් අලෙවි කරගැනිමට මේ දිනවල පෙළඹි සිටිති.
රට තුල කොරෝනා තත්වය මේ තරම් දරුණු ලෙසින් මතුව එන්නට පෙර මිගමු මහනගර සභාව තුල රාජ්‍ය ඇමති නිමල් ලංසා විශේෂ රැස්විමක් රාජ්‍ය නිළධාරින් පවා කැදවා පවත්වා තිබුණද එහිදි පවා ඇතැම් විපක්ෂ මන්ත්‍රිවරුන් ධිවරයන්ගේ ප්‍රශ්ණවලට විකල්ප විසදුම් සෙවිය යුතු යැයි යෝජනා කර තිබුණි.
එහෙත් ඇමති ලංසා ඇතුලු සියල්ලෝම දැන් නිහඩය