මීගමුවේ හොර පාරෙන් එන්නත විදල නම් දයාන්ට කියන්නලු ?

0
170
මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම

වසරේ ලොකුම විහිළුව බවට පත්වුන දෙබසක් මිට සුලු මොහොතකට කලින් මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ ෆේස් බුක් පිටුවේ දාල තිබුන දැක්ක.
මිනිහ කියනවා මොරටුවේ වගේ දුෂණ මිගමුවේ සිද්ද වෙලා නම් එයාගේ දුරකථන අංකයට කියන්නලු ඒයා ඒවට නීති මාර්ගයෙන් කටයුතු කරනවලු .
හැබැයි අපරාධෙ කියන්න බැ ගිහාන් කියල මහත්තයෙක් නගරාධිපතිට ඇඩෙන්නම බය නැතුව බුකියේ අභියෝග කරල තිබුණ.
නියමයි ගිහාන් .
එතකොට පහුගිය කාලේ දයාන් ලංසා හරියට MOH කියල හිතාගෙන කරපු විගඩම් හොරපෝලිම් ගැන මිනිහටම මතක නැ වගේ .මතකද අර කටාන පැත්තේ කාන්තාවෝ පිරිසක් හොර පාරෙන් එන්නත විදගෙන ෆෙස් බුක් එකේ නගරාධිපති දයාන් ලංසාටයි එයාගේ නෝනටයි ස්තුති කරලත් තිබුන පහුගිය කාලේ


ඒ විතරක් නෙමෙයි පහුගිය දවස්වල නගර සභාවේ පස්ස පැත්තෙන් ඇවිත් සුපිරි කාර්වලින් ගහපු ඒවා .
වැඩේ කියන්නේ මිනිහටම මතක නෑනේ ඒවා දැන් .
කොහොම උනත් මොරටුවේ වැඩේ පත්තුවුනාට පස්සේ ලොකු තැන්වල මිගමුව ගැනත් කථාවෙලා තියෙනවා .
ඒක තමයි පට්ට ඇත්ත. ඒ හින්ද තමයි දැන් දයාන් ලංසා බාබා පාට් දාන්නේ .
කොටින්ම කියනව නම් එයාගේ තාත්තට දෙවෙනි මාත්‍රාව දුන්නේ කොහෙදිද ? කව්ද විද්දේ කියල අහල බලපල්ලකෝ සමිරගෙන්….