මිනිස්සු මාළු කන්න බයයි ! වෙළෙන්දෝ අසරණයි !

0
65

ගිනි ගත් නැව විසින් ධිවර ජනජිවිතයට මේ වන විටත් එල්ල කර ඇති දැවැන්ත බලපෑම ඔවුන්ගේ ජිවන අරගලය තවදුරටත් අර්බුදය කරා යවමින් තිබේ.
මුහුදු තහනම් කෙරුණ අතර පසුව සිමා පනවා යාමට ඉඩ ලබා දි තිබුණි.
දැන් යළිත් තහනම් පනවා තිබේ.
වීදුරු කාමරවල සිට ගන්නවා මේ තහනම පිළිබද නිති රිති ධිවරයාගේ බඩගින්නට කිසිසේත්ම ඔරොත්තු නොදේ.
මොන තහනම කඩා හෝ මාලු අල්ලන්නට යැමට ධිවර පෙළපෙන්නේ සිවිල් නිති කඩකර රැඩිකල් පොරවල් විමට නොව දරුමල්ලන්ගේ කුස පුරවන්නටය.
වියත්තු මාළු කැම ගැන විවිධ අනතුරුදායක කථා කිමෙන් පසු ජනයා අතර දරුණු බියක් මාලු අනුභව කිරිම සම්බන්ධයෙන් පැතිර යන්නට විය.
එය කැඩිම සදහා මිගමුවේ ධිවරයන් පිරිසකට ලෙල්ලමකදි මාලු උයා , පාන් සමගින් කා රටට මාධ්‍ය පෙන්වන්නට මහන්සි ගෙන තිබුණද අද දිනයේත් ( 03) පිටිපන දූව ලෙල්ලමේ ධිවර ව්‍යාපාරිකයන්ගෙන් විමසු විට කියා සිටියේ මිනිසුන් මාළු කන්නට බියෙන් පසුවන නිසා මාළු අලෙවි කරගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇති බවය