මිගමුවේ ලෙල්ලම් 3 ක් ඇරලා ! එකක් වහලා ?

0
152

පිටිපන ප්‍රධාන ⁣මාළු ලෙල්ලම් තුනම අරින්න අවසර දී ඇතත් කොටුව පිට්ටනිය ලඟ මාළු ලෙල්ලම තවමත් වසා දමා තිබේ. මේ හේතුව නිසා පොදි කමින් මාළු ලෙල්ලම අසල පාරේ මාළු විකුණන්නට පටන් ගෙනය
මෙය සැබැවින්ම ගැටළුකාරිය ..
සුළු පරිමාණ ධිවරයන් සිය කුඩා බෝට්ටු වලින් පසුගිය දිනවල මුහුදු ගොස් තිබුණද ඔවුන්ගේ මසුන් විකුණාගැනිමට දැන් අවස්ථාවක් නැත්තේ කොටුව පිට්ටනිය අසල මාළු වෙළද සැල වසා දමා ඇති හෙයිනි.
මෙහිදි මතුව ඇති ගැටළු 2කකි.
එනම් අල්ලාගෙන එන මසුන් විකුණා ගැනිමට තැනැක් නැතිවිම නිසා කුඩා ධිවරයන් බරපතල ආර්ථික අර්බුදයකට පත්විමය. අනික් කරුණ නම් වසා දමා ඇති ලෙල්ලම වෙනුවට එතන ඉදිරිප පස පාරේ ඉතාමත් අවිධිමත් ලෙසින් මාළු විකිණිමට පටන් ගැනිමත් සමගින් කුඩා ඉඩකඩක විශාල පිරිසක් ගොනුවිම නිසා කොරෝනා පැතිර යාමේ අවදානමක්ද මතුව තිබිමය
එබැවින් අදාල බලධරයන් මේ තත්වය වඩාත් නිවරදිව තක්සේරු කොට කොරෝනා අවදානම කළමණාකරණය කරනු ලබන සුළු ධිවරයන්ගේ ආර්ථික පැවත්මක සුරක්ෂත කරන විසදුමකට යා යුතුව තිබේ