ධීවරයන්ට බලපාන ප්‍රශ්ණ ගැන දැන් මීගමුවේ ඒකාබද්ධ විරෝධතා නැති තරම්ය.
ඒ තරමටම ධීවරයන් අතර එකමුතුකම භේදබින්න වී තිබේ.
ෆෝට් සිටියට එරෙහිව විරෝධතා පැවැත්වු සංවිධාන බොහොමයකට ලක්ෂ ගණනින් මුදල් ලබා දි තිබිම මෙයට ප්‍රධානතම හේතුව බව මිගමුවේ ඇතැම් සමාජ ක්‍රියාකාරින් පවසා සිටිති.
කෙසේ වෙතත් මේ පසුබිම තුල වැල්ලවිදියේ ඒකාබද්ධ ධීවර සංවිධානයේ පිරිසක් අද මිගමුවේදි විරෝධාතාවයක් සංවිධානය කර තිබුණි.
තෙල්මිළ වැඩිකිරිමට අදාල රජයට විවේචන ඉදිරිපත් කළ රාජ්‍ය ඇමති නිමල් ලංසා කියා සිටියේ බැසිල් රාජපක්ෂ සිටියේ නම් තෙල්මිළ වැඩිනොකරන බවය.තෙල් මිල අඩුනොකරන්නේ නම් ධීවරයන් විරෝධතා දක්වන බවද මාධ්‍ය හමුවේ ඇමතිවරයා පවසා තිබුණි.
බැසිල් රාජපක්ෂ 23 වෙනිදා ලංකාවට පැමිණිමට නියමිත බවද වාර්තාවේ