මාළු කඩේට වෙච්ච වැඩේ නිසා රෙදි ගැලවුනු ඇමති ලංසා.?

0
71
ලංසා 1

( මෙම ලිපිය 2020 පෙබරවාරි 09 වෙනිදා මිපුර වෙබ් අඩවියේ පළකරන ලද අතර එදා නිමල් ලංසා තමන්ව පුම්බා ගන්නට යහපාලනයට චෝදනාත්මක් ඇගිල්ලක් දිගුකරන්නට ගොස් ඇන ගත්තු හැටි අප මෙහි කරුණු සහිතව හෙළිදරව් කර ඇත.,
මෙම ලිපිය අප නැවත පළකරන විට දැන් මේ මාළු වෙළද සංකිර්ණයේ අඩුම තරමින් වහලයක් වත නැත. එදා මෙහි ගිය නිමල් ලංසා කියා සිටියේ මෙය කඩිමනමින් ප්‍රතිසංස්කරණය කරන බවය.ඔහු ඒ ප්‍රකාශය කොට දැන් මාස 16 ක් ගෙවි ගොසිනි.
එහෙත් ප්‍රතිසංස්කරණයක් සිදුවනවා තබා දැන් එහි වහලයක් වත් නැත .)

වෙළඳ පොලවල් පවත්වාගෙන යෑමේ නිත්‍යාණුකුල අයිතිය ඇත්තේ මහනගර සභාව වෙත පමණි.
එමෙන්ම රටේ ඕනැම භුමි ප්‍රදේශයක පිහිටා ඇති මුහුද වෙරළ අයත්වන්නේ රාජ්‍යය වෙතය.
හිටපු සංවාරක ඇමතිවරයෙකු වු නැසිගිය අනුර බණ්ඩාරනායක මහතාගේ සංකල්පයක් මත ලද විදේශආධාරකින් මීගමු මාළු වෙළද පොල නවිකරණය කරන ලදි.ඒ සියළු කටයුතු සම්බන්ධිකරණය සහ අදාල ගිවිසුම් සියල්ල අත්සන් කරන ලද්දේ නගර සභාව විසිනි.ඒ වෙනුවෙන් වු සියළු පසුවිපරම් සියල්ලට අදාල ලිපි ලේඛන සහ සියල්ල යොමුකර තිබුනේද මීගමුව මහනගර සභාව වෙතය.

ඒ අනුව පැහැදිලි වන්නේ මීගමුව කොටුව පිට්ටනිය මාළු වෙළඳ පොල පාලනය කිරිමේ වගකිම ඉතා පැහැදිලි ලෙස නිත්‍යාණුකූලවම මීගමුව මහ නගර සභාව සතු බවය.

එහෙත් නිමල් ලංසා විසින් සිය පටු දේශපාලන වාසි තකා එහි පාලන වගකිම මුලින්ම ධීවර සමිතියකටද පසුව වැල්ලවිදිය පල්ලියටද පවරා එහි ප්‍රතිලාභ ලැබිමේ වරප්‍රසාදය සිය පියා වෙත හිමිකර තිබුණි.

මේ නිසාම පල්ලියේ නාමයෙන් අනෙක්විධ හොරකම් සහ කප්පම් ගැනිම් දිගින් දිගටම සිදුවුවද ඒවා පාලනය කිරිමට පල්ලියේ පියතුමා වෙත හයියක් තිබුනේ නැත.

නිමල් ලංසාගේ මෝඩ සැලසුම් නිසා දිරාපත්වි කඩන් වැටුන මාළු වෙළද සංකිර්ණයේ කොටසක්
නිමල් ලංසාගේ මෝඩ සැලසුම් නිසා දිරාපත්වි කඩන් වැටුන මාළු වෙළද සංකිර්ණයේ කොටසක්
ලංසාගේ ලෙල්ලම 8


මෙහි ඉදිකිරිම් කර තිබුනේ ඒ වෙනුවෙන් නිසි සුදුසුකම් නැති ඇමති නිමල් ලංසාගේ පංතියේ මිතුරෙකු විසිනි. ඔහු සැබැවින්ම ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියෙකුද නොවුණි.
ඒ නිසාම මුහුද අසල ලුණට කිසිසේත් ඔරොත්තු නොදෙන ටකරන් වලින් මාළු වෙළද සංකිර්ණයක් තැනුවේ වෙනින් කව්රුත් නොව නිමල් ලංසා විසින්මය.

දැන් එය මළකඩ කෑම හේතුවෙන් කඩන් වැටනෙ තත්වයට පත්ව තිබේ.
එය සැබැවින්ම දැන් අපායක් බදුය. පිරිසිදු කම අතින්ද අන්තයටම පිරිහි ගොසිනි.

ඉතින් එයට වගකිව යුත්තේ ලංසා පවුලම මිස වෙනින් කව්රුත් නම් නොවේ. මන්ද දැනට වසර 10 කටත් වැඩි කාලයක් තිස්සේ මිගමුව පාලන කරනු ලබන්නේ ලංසා පවුල විසින් විමය.

තතු එසේව තිබියදි නිමල් ලංසා විසින් ඊයේ දිනයේ කොටුව පිට්ටනිය මාළු වෙළද සංකිර්ණයේ නිරික්ෂණ චාරිකාවක නියැලෙමින් මාධ්‍ය සංදර්ශනයක් පවත්වා එය සමාජ මාධ්‍ය වෙතටද මුදාහැර තිබුණි.

එහි තේමාව වන්නේ යහපාලනය විසින් අමතක කර දැමු මාළු වෙළද සංකිර්ණය වැනි අදහසකි.
සැබැවින්ම ඇමති නිමල් ලංසා මේ ඇවිදින්නේ නින්දෙන් දැයි අපට අසන්නට සිදුවන්නේ මේ නිසාය.

නිමල් සහ ජයවිර
මාළු වෙළද සංකිර්ණයට ලංසා පවුල කරපු දේ ගැන හොදින්ම දන්නා හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිරත් නිරික්ෂණ චාරිකාවට එක්වෙයි
  1. ජයිකා ආධාර යටතේ ඉදිකළ මෙම මාළු වෙළද සංකිර්ණය රාජ්‍ය මුල්‍ය රෙගුලාසි ප්‍රකාරව හිමි විය යුත්තේ නගර සභාව වෙතය. පළාත් පාලන නීතියට අනුව පල්ලියකට හෝ වෙනත් කිසිවෙකුටවත් පොලවල් පාලනය කළ නොහැකි නිසාවෙනි.
    අනික් කරුණ වන්නේ පල්ලියකට අයත් තැනකට රජයක් කිසිදු ලෙසකින් වත් මුදල් වැය කොට ව්‍යාපෘති ඉදිකිරිමට කිසිදු ඉඩක් ඇත්තෙ නැත

    නිමල් ලංසා මේ ගැන නොදන්නේ නම් මේ ගමනට එක්ව සිටි හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරගෙන් අසා දැනගන්නා ලෙස අප පළමු කොටම ඇමැතිවරයාට දන්වා සිටිමට කැමැත්තෙමු.
  2. යහපාලනයට ඇගිල්ල දිගුකරන ඇමතිවරයාගේ දෙසට ඇගිලි 3 ක්ම එල්ලවි ඇති අයුරු නොපෙනිම සැබැවින්ම විහිළුවට කරුණකි.
    මන්ද රාජපක්ෂලාට සිග්නල් දමා 2015 මැතිවරණයෙන් පසු යහපාලනය දෙසට හැරවු නිමල් ලංසා නතරවුයේ ඇමතිධුරයක්ද භාරගෙනය.,
    ඔහු යහපාලනය තුල වසර 3 කටත් වැඩි කාලයක් ඇමතිවරයෙකු ලෙස කටයුතු කළේය.
    ඒ බව ඔහුට අමතක විම යනු ඔහු කොයිතරම් නම් කපටි දේශපාලකයෙකුද යන්න ගැන කියන්නට තවත් කරුණු අවැසි නැත.

3.ඊයේ කොටුව පිට්ටනිය අසල මාළු වෙළද සංකිර්ණයට ගොස් අයියෝ මේකට වෙලා තියෙන දේ යැයි මාධ්‍ය සංදර්ශනයක් පවත්වන ඇමතිවරයාට අමතක වි ඇත්තේ කඩන් වැටුන අපිරිසිදු මළකඩ කෑ මාළු වෙළද සංකිර්ණයේ මෝඩ සැලැස්ම මෙන්ම ඉදිකිරිම් කරන ලද්දේද නිමල් ලංසි විසින්ම යන්නයි.

ලංසා පවුල විසින් පාලනය කළ නගර සභාවට මාලු වෙළද සංකිර්ණයේ අපිරිසිදුකම නොපෙනි තිබිම
ලංසා පවුල විසින් පාලනය කළ නගර සභාවට මාලු වෙළද සංකිර්ණයේ අපිරිසිදුකම නොපෙනි තිබිම
ලංසාලේ ලෙල්ලම 1
  1. නිමල් ලංසාගේ මුහුණ පොතට මුදාහැර ඇති විඩියෝවක දැක්වෙන මාළු වෙළද සංකිර්ණයේ දැවැන්ත අපිරිසිදු කමට වගකිව යුත්තේ මිගමුව නගර සභාව යන්න නිමල් ලංසාට අමතකය. එහි නගරාධිපති දායන් ලංසාය.මේ මාළු සංකිර්ණයද ඇතුළු ජරාජිර්ණ වි ඇති මිගමුව දශකයකටත් වඩා කාලයක් පාලනය කළේ වෙනින් කව්රුත් නොව ලංසා පවුල විසින්මය.
    එ සියල්ල මෙසේ තිබියදි දැන් ඇමති ලංසා පවත්වන්නට යෙදුන මේ මාධ්‍ය සංදර්ශණයෙන් රෙදි ගැලවි ඇත්තේද වෙනින් කව්රුන්ගෙ වත නොව ලංසාගේමය.
  2. නිමල් ලංසා මේ දිනවල මුහුණ දි ඇති දැවැන්තම අර්බුදය වන්නේ ඔහු එරෙහිව ඔහුගේ පාර්ශයෙන්ම සංවිධානත්මක ප්‍රහාරයක් සුදානම් තිබෙන නිසාය.
    ඒ නිසාම මේ දිනවල නිමල් ලංසාගේ දවසේ කාල සටහන පිස්සන්ට හැතැක්ම නැති ගානටය. හැමතැනම දුවන්නට පටන් ගෙනය.
    එහෙත් එක් දෙයක් ඔහු දැනගත යුතුය. එනම් සාමාජ මාධ්‍ය තුල සල්ලි වියදම් කරගනිමින් කරමින් සිටින මේ මාධ්‍ය සංදර්ශන නිසා සල්ලි දි ල ගුටි කන තත්වයකට ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂකලා විසින් ඔහුව පත්කර තිබිමය.
    පහත විඩියෝව යනු එයට කදිමම නිදසුනයි.

6.මෙහිදි ඇමති ලංසා කියමින් යන ඊළග බොරුව වන්නේ මේ මාළු වෙළද සංකිර්ණය  නැවත ප්‍රතිසංස්කරණය කර දෙන බවය.මිගමුවේ ඩඩ්ලි සේනානායක මාර්කට් එක දැන් කඩා දමා ඇතැත් එය යළි ඉදිකරන්නට සල්ලි නැත.එපමණක් නොව කොච්චිකඩේ මාර්කට් එක කඩා දමා දැන් සෑහෙන කාලයකි. එහෙත් එයද ඉදිකෙරෙන පාටක්ද නැත.
එවන් පසුබිමක් යටතේ කොටුව පිට්ටනියේ මාළු වෙළද සංකිර්ණය ඉදි කිරිමට සල්ලි හොයන්නේ කෙසේදැයි මේ විඩියෝ කියා නැත. එයින්ම ඔප්පු වන්නේ මෙය මැතිවරණ පොරොන්දුවක් පමණක්ම බවය.

සල්ලි ගෙවා ඇමති නිමල් ලංසා බුකියේදි  විහිළුවට ලක්වු තවත් විඩියෝවක්