මිලානෝ කෝන්සෝල් කාර්යාලය දේශපාලන පන්දම්කාරයින්ට සල්ලි මවන උල්පතක්ද ?

0
470


මිලානෝ නගරය යනු ලෝකයේ දියුණුතම වාණිජ  නගර කිහිපයකින් එකක් වන අතර එහි ශ්‍රී ලංකා ධජය සහිත තානාපති කාර්යාලයක් පැවතීම මිලානෝ වෙසෙන ශ්‍රී ලාංකීකයන්ට මහත් ආඩම්බරයකි. නමුත් එවැනි රාජ්‍ය ආයතන වෙත පත්වෙන නිළධාරින්ගේ වැරදි තීන්දු තීරණ නිසා රාජ්‍ය ආයතන වල යහපැවැත්ම සම්බන්ධයෙන් පවතින්නේ අස්ථීර භාවයකි. මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු , සංසථා  වගේම රාජ්‍ය ආයතන පාඩු ලබමින් ක්‍රියාත්මක වන බව අපි කවුරුත් දනිමු. ඒ් ඒ්වාට අදාළ බලධාරීන් විසින් ගන්නා වැරදි තීරන හා මහජන ආයතන දේශපාලනය වීම හේතුවෙනි.
2016 වසරේ ආරම්භ කල මිලානෝ කොන්සාල් කාාලය යූරෝ 10000ට ආසන්න මාසික කුලී  මුදලක් ගෙවා  Via Francesco Melzi d’Eril,34 /20154 -Milano යන ස්ථානයේ කටයුතු ආරම්භ කරන ලදි. මිලානෝ මධ්‍යම නගරයේම විශාල වටිනාකමකින් යුත් ස්ථානයක මෙම කාර්යාල පිහිටාඟ තිබිනි. ඒ අතර මෙම කොන්සෝල් කාර්යාලය නැවතත් 2021 වර්ෂයේ මැයි මස 17 දින නැවතත් නගරයෙන් පිටත අලුත් ස්ථානයකට ගෙනයන ලදී. මාස කීපයකට පෙර කොන්සෝල් කාර්යාලය එසේ නව ස්ථානයකට ගෙනයන ලද්දේ කලින් ගොඩනැඟිල්ලේ අයිතිකරුවන්ගේ අවශ්‍යතාවයක් හේතුවෙන් වන අතර ඒ සඳහා වන්දි මුදලක් ලබාදීමටද ඔවුන් එකඟ වී තිබිනි.
එම එකඟතාවයට අනුව  යුරෝ 637000 ක මුදලක් වන්දි වශයෙන් ලැබී ඇති අතර කොන්සාල් කාර්යාලය සඳහන් කරන පරිදි එම මුදල නව තැනක් සොයා ගැනීමට හා නව ස්ථානය කොන්සුලර් කාර්යාලයක් බවට පත් කර ගැනීමට  මෙන්ම ඉදිරි කාලවකවානුවක් සඳහා අවශ්‍ය කුලී මුදල් ද ගෙවා දැමූ බවට කොන්සාල් කාර්යාලය විසින් වියදම් පෙන්වා ඇත. 
කොන්සෝල් කාර්යාලය තිබූ තැනින් ඉවත්කරගැනීම සඳහා ලැබූ වන්දි මුදල පාවිච්චි කර ලබාගෙන ඇත්තේ කුලී පදනම මත ගොඩනැඟිල්ලකි. නමුත් මෙම වන්දි මුදලේ වටිනාකම ශ්‍රී ලංකාවේ රජයට නව ගොඩනැඟිල්ලක් මිළදී ගැනීම ආරම්භ කිරීමට තරම් ප්‍රමාණවත් මුදලකි. එමෙන්ම අලුත් ස්ථානය කලින් ස්ථානයට වඩා භූමියේ වටිනාකමින් අඩු තක්සේරුවක පිහිටි ගොඩනැගිල්ලකි.
ඒ නිසාම නව කාර්යාලයේ කුලී මුදල කලින් තිබූ ස්ථානයට වඩා අනිවාර්යෙන්ම අඩු මුදලක් විය යුතුය. නමුත් මෙම මුදල් වැයකිරීම් සම්බන්ධයෙන් පුරවැසියන් හැටියට ශ්‍රි ලාංකික ජනතාවට දැනගැනිමට පහසු මාර්ගයක් සලසා නොමැත. නමුත් ලංකාවේ රජයට යා යුතු මුදලක් මෙසේ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සැකයක් මතුවන අවස්තාවකදී ඕනෑම පුද්ගලයෙකුට ඒ ගැන චෝදනා කිරීමට ,ප්‍රශ්න කිරීමට අයිතියක් තිබේ. මේ ආකාරයට ශ්‍රී ලංකා රජයේ විශාල මුදලක් නාස්ති කරමින් හිතූ හිතූ අකාරයට , ජනතාවාදී ප්‍රතිපත්තියකට යටත් නොවී මුදල් වියදම් කරන්නේ මේවා සම්බන්ධයෙන් සොයා බැලීමට කිසිවෙකු නොමැති නිසාද? එසේ නොමැති නම් මේවාට පූර්වාදර්ශ ඉතාලියේ නොමැති වුවත්, ශ්‍රී ලංකාවේ තිබෙන නිසාද?

කොන්සියුලර් කාර්යාලයකට සාමාන්‍යෙයන් කාර්යාල කාමර 4 ක් හෝ 5    අවශ්‍යය. ඊට අමතරව වැසිකිලි පහසුකම්. වගේම විවේකාගරයක් තිබිය යුතුය. එම නිසා වර්ගමීටර අවම වශයෙන් 200කට වඩා වැඩි විය යුතු අතර එවැනි ගොඩනැගිලි මිලානෝ නගරයේ පහසුවෙන්ම සොයාගත හැක. ඒවාහි විකුනුම් මිල කලාපයෙන් කලාපයට වෙනස් වුවත් නව කාර්යාලය පිහිටා  තිබෙන ස්ථානයේම   විකුනුම් මිල වර්ග මීටරයකට  යුරෝ 2500 ත්  3000  ත අතර වෙයි. එනම් යුරෝ 750000 කට වර්ගමීටර් 300 ක කාර්යාලයක් මිලදී ගැනීමට හැකියාව ඇත. මේ සඳහා  අවශය මුදල් ( මෙම වන්දියට අමතරව)   ලංකාවේ  බැංකුවක් හරහා ණයක් ගැනීමටද හැකියාව ඇත. එමගින් ලංකාවට විදේශ විනිමය ලබාගත හැකි තවත් එක් මාර්ගයකි. මෙවැනි ආයෝජන තුලින් ස්ථීර හා කල්පවත්නා සේවාවක්  ලබාදීමට හැකියාවක් ඇති අතර කාලෙන් කාලෙට පැන නගින් ගැටලුවලට ස්ථීර විසඳුමක් ලැබෙනු ඇත.  ස්ථීර මුදලක් මිළදී ගෙන කොන්සෝල් කාර්යාලයට ලැබෙන බදු මුදල් වලින් එය නඩත්තු කිරීමේ කළමනාකරනයක් ඇතිකරගැනීමට හොඳටම හැකියාව තිබියදී විශාල මුදලක් අපතේ යැවීම අපරාධයකි. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික මෙන්ම දේශපාලන අස්ථාවරවයක් පවතින මොහොතක  මේ පිලිබඳව විශේෂ අවධානයක් යොමු කර අවශ්‍ය පියවර ගැනීමට විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යවරයා මෙන්ම ගරු ජනාධිපතිතුමාගේත් අවධානය මේ දෙස යොමු විය යුතුය. 

 

මිලානෝ නගරයේ තිබෙන ගොඩනැඟිිිලි පිලිබඳව විමසා බැලීමට අදාළ තොරතුරු

https://www.idealista.it/immobile/17016608/