පියුමිට පෑ ඇමැති ‘අනුකම්පාව’ පොලිසිය බලෙන් රැගෙන යන සමිති නායකයන්ට නෑ

0
79
1200 x 80 DMirror

පුවත් 08 July 2021

messenger sharing button

උසස් අධ්‍යාපනය හමුදාකරණය කිරීමට එරෙහිව අගනුවර දියත් කළ විරෝධතාවයකදී අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයකු ප්‍රමුඛ පිරිසට පහර දීම ජාත්‍යන්තර හෙලා දැකීමට ලක්වී තිබේ.  

“ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෘත්තීය සමිති සාමාජිකයන්ට සහ දේශපාලන ක්‍රියාධරයන්ට එරෙහිව දියත් කළ පිළිකුල් සහගත ප්‍රහාරය අපි හෙලා දකිමු. මෙවැනි දුෂ්කර තත්වයන් යටතේ සංවිධානගත වන ශ්‍රී ලංකාවේ කම්කරුවන් සහ වාමාංශය සමග අපේ සහයෝගය,” යි ඕස්ට්‍රේලියාවේ වික්ටෝර්යා ප්‍රාන්ත සමාජවාදීන් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයක දැක්වේ.    

Screenshot 2021 07 08 at 23.19.35

      අධිකරණය විසින් ඇප ලබා දී තිබියදීත් විරෝධතාකරුවන් පිරිස රැගෙන යන ස්ථානය හෝ නොදන්වා පොලීසිය ඔවුන් බලහත්කාරයෙන් ගෙන ගිය බව නීතිඥවරු පවසති.          

දිවයිනේ ක්‍රියාකාරී ගුරු සංගම් නායකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකුද වන ජෝසප් ස්ටාලින් ඇතුළු තිහකට ආසන්න පිරිසක් අධිකරණයේ සිට බසයක නංවාගෙන වරාය පොලිසිය තුළට රැගෙන ගිය පොලිස් නිලධාරීන් ඔවුන්ට දැනුම් දී ඇත්තේ “දුර ගමනක් යාමට” සූදානම් වන ලෙසයි.

213068240 3035872076644572 6688921523862163850 n

ජෝසප් ස්ටාලින්     එහෙත් අවම වශයෙන් රැගෙන යාමට නියමිත ස්ථානය හෝ නොදන්වා ඇති අතර එම පිරිසේ කිසිවෙකුට ඇඳි වත හැර වෙනත් කිසිදු ඇදුමක් හෝ ලබා ගැනීමට අවස්ථාව සලසා දී නොමැති බව එහි සිටින ක්‍රියාධරයෙක් මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.   මීට ඉහත අවස්ථාවක කොළඹ හෝටලයක උපන් දින සාදයක් පවත්වා වසංගත නීති කැඩූ බවට චෝදනා නගා නිරෝධායනය සඳහා රැගෙන යනු ලැබූ නිරූපන ශිල්පිනියක් ඇතුළු කණ්ඩායමකට “සානුකම්පිතව” සැලසූ පහසුකම් උසස් අධ්‍යාපනය හමුදාකරණය කිරීමට එරෙහිව දියත් කළ විරෝධතාවයකදී අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටි පිරිසට ලබාදීමට රජය කටයුතු කර නැත.       
  ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන පියුමි හංසමාලි ඇතුළු කණ්ඩායමක් පොලිසිය විසින් මීට ඉහතදී නිරෝධයානය සදහා රැගෙන යන අවස්ථාවේ ඔවුන්ට අවශ්‍ය ඇදුම් ඇතුළු මුලික පහසුකම් පොලිස්ථානය තුලටම ගෙනවිත් දීමට පොලීසිය භාර අමාත්‍යවරයා මැදිහත් වී තිබුනි.  
  මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ මාධ්‍ය ලේකම් පසුව නිවේදනයක් මගින් දන්වා තිබුනේ “ශ්‍රී ලංකා පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස මහජනතාව විසින් කරන ලද ඉල්ලීමක් සානුකම්පිතව සලකා බලා “ඒ වෙනුවෙන් මැදිහත් වු බවයි.   එමෙන්ම ආණ්ඩුවට විරෝධය පා විපක්ෂ නායකයා ඇතුළු පිරිස අද පාර්ලිමේන්තුව අසලදී දැක්වු විරෝධතාවයකට එරෙහිව කිසිදු නීතියක් ක්‍රියාත්මක කළ බවක් ද මේ වන තෙක් දැන ගන්නට නැත.   විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව ඇතුළු පිරිසකට අධිකරණය විසින් ඇප ලබා දී තිබියදී බලහත්කාරයෙන් ඔවුන්ද නිරෝධායනය සදහා රැගෙන යාමට ජුලි 7 බදාදා පොලීසිය ක්‍රියාත්මක කර තිබුනි.    

    https://w.soundcloud.com/player/?url=https%3A//api.soundcloud.com/tracks/1084026526&color=%23ff5500&auto_play=false&hide_related=false&show_comments=true&show_user=true&show_reposts=false&show_teaser=true&visual=true theleader lk · දුමින්ද නාගමුව

අත් අඩංගුවට පත් වු විරෝධය

ලංකා ගුරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන්  විසින් ජුලි 8 බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක් දියත් කර තිබුනේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිවය.   නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම හා මිලිටරිකරණයට එරෙහිව ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය’ විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබුනි.   එහිදී වසංගත නීති කඩ කල බවට චෝදනා කරමින් බෞද්ධ භික්ෂුන්, වයස්ගත කාන්තාවන් ඇතුළු ක්‍රියාකාරීන් තිහකට වැඩි ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුනි.      

194995746 10222684740780627 6673171389037834585 n

    කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජනා ද සිල්වා එම පිරිස ඇප මත මුදා හැරීමට අද හවස නියෝග කලාය.  ඔවුන්  නිරෝධායනය කිරීම සඳහා අවසර ලබාදෙන්නැයි වැලිකඩ පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී අතිරේක මහේස්ත්‍රාත්වරිය සදහන් කර තිබුනේ නිරෝධායනය කිරීම සඳහා අධිකරණයට බලයක් නොමැති බවයි.   කෙසේ නමුත් අධිකරණයෙන් පිටතදී දේශපාලන හා වෘත්තිය සමිති ක්‍රියාධරයන් විසින් දැක්වු විරෝධතා නොතකා එම  පිරිස බලහත්කාරයෙන් නිරෝධායනය සදහා රැගෙන යාමට පොලීසිය කටයුතු කර තිබුනි.