මීගමුව නගරාධිපතිට ජිවිතආරක්ෂාව පිළිබදව ගැටළුවක්???

0
90

මීගමුව ආණ්ඩු පක්ෂ දේශපාලනය තුල මතුවෙමින් ඇති බල අරගලය මීගමුව නගරාධිපතිට ජිවිත අවධානමක් දක්වා වර්ධනය වි ඇතැයි අපට වාර්ථා වේ.
මේ නිසා නගරාධිපතිවරයා සිය දෛනික කටයුතු වලදි පවා මේ පිළිබදව විශේෂිත වු අවධානයකින් කටයුතු කරන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා අපට දැනගන්නට ඇත.
සිය නගරාධිපතිධුර කාලය තවත් වසර 3ක් සදහා දැරිමට බලාපොරොත්තුවෙන් සිටියද පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් විවිධ යෝජනා මතුවෙමින් තිබිණ. එයට අනුව සිය ධුරය කිසියම් කාලයකට තවත් අයෙකුට පරිත්‍යාග කරන ලෙසටද ඉල්ලිම් මතුවෙමින් තිබේ.
විශේෂයෙන්ම එළඹෙන මහනගර සභා ඡන්දය කොට්ටාශ මට්ටමින් පැවැත්විමට තින්දු වුවහොත් මුදල් වැය කිරිමේ හැකියාව හරහා වැඩි මනාප ලබාගැනිමට ඇති ඉඩකඩ ඇහිරි යනු ඇත. එසේ වුවහොත් ඇතැමුන්ගේ නගරාධිපති සිහින වලට තිතද තැබෙනු ඇත.නගර සභා පාලන කටයුතු වලදි නගරාධිපතිවරයා අභිබවා යමින් කටයුතු කරන්නට ඇතැම් මන්ත්‍රිවරුන් කටයුතු කරන බව අද ප්‍රසිද්ධ රහසකි.
ජිවිතඅවධානම පිළිබදව ගැටළුව මේ සියල්ලේ ප්‍රථිපලයක් විය හැක.