නිදහස් වෙළඳ කලාපයේ තවත් කොරෝනා මරණයක්

0
113

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි.කොරෝනා එන්නත විදපු දුමිදු හේමන්ත නැවතිලා හිටියේ සීදුව ප්‍රදේශයේ. ඔහු සේවය කළේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිට දුම් කොළ ආශ්‍රිත නිෂ්පාදනයන් කරන UTP ආයතනයේය.

පසුගිය 26 වෙනිදා ඔහුට හුස්ම ගැනීමේ අපහසු තාවයක් ඇතිවී රාගම රෝහලට ගොස් තිබුණේ ප්‍රතිකාර ලබාගැනීම සඳහාය. එතැනදි කරපු antigen පරීක්ෂාවේ දී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පෙන්නුම් කළ බැවින් රාගම රෝහලේ කොරෝනා වාට්ටුවේ නතර කරන්නට සිදුවී ඇත. පසුව 27 වන දින හුස්ම ගැනීමේ අපහසුතාවය හොඳටම උත්සන්න වී 28 වෙනිදා දුමිදු හේමන්ත මිය ගොස් ඇත. ඔහුගේ දේහය බැලීම සඳහා හෝ පවුලේ කිසිම කෙනෙකුට එන්නට අවසරයක් ලබාදී තිබුණේ නැත. හරිම අවාසනාවන්ත තත්ත්වයක්. එන්නත ලබා ගත්තාද කොරෝනා කොයි මොහොතේ හෝ මරණයට අත වනනවා නොවේද? 48 හැවිරිදි දුමිදු හේමන්ත ඊයෙ දින අප සියලු දෙනා හැර කොරෝනා වෛරසය සමගින් ලොව හැර යන ලද්දේ එලෙසිනි.
(චන්ද්‍රා දේවනාරයනගේ ෆේස් බුක් පිටුවෙනි )