මරණ වාර්තා ඉල්ලා මීගමුවේ ග්‍රාම නිළධාරින්ට බලපෑම් ?

0
59

ගෘහස්ථ මට්ටමින් සිදුවෙන මරණ වලදි එම මරණයට අදාල මරණ වාර්ථාව එම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි විසින් අවශ්‍ය විමර්ශනයක් සිදුකොට ලබාදිම ව්‍යාස්ථාපිත රාජකාරියකි.

එම විමර්ශනය ස්වාධින හා අපක්ෂපාති එකක් විය යුතු බව ග්‍රාම නිලධාරින් පවසා සිටිති.
තතු එසේ වුවද නිවෙස්වලදි සිදුවන මරණ සම්බන්ධයෙන් අදාල මෘත දේහය නිදහස් කරගැනිමට කඩිනමින් වාර්තාවන් ඉල්ලා මේ වන විටත් විවිධ බලපෑම් එල්ලවෙමින් ඇතැයි තොරතුරු වාර්ථා වේ.

එම මරණය කොවිඩ් මරණයක්ද නැද්ද යන්න ආදල විමර්ශණ සිදුව නොතිබියදිම මෙසේ ග්‍රාම නිලධාරින්ගෙන් වාර්තා ලබාගැනිම සදහා විවිධ අය විසින් සිදුකරනු ලබන තර්ජන බලපෑම් වැඩිවෙමින් ඇතැයි මිගමුවේ ඇතැම් ග්‍රාම නිළධාරිහු කියා සිටිති.

මිගමුව තුල පවා දැනටමත් නිවෙස් තුල සිදුවෙමින් ඇති මරණ වලින් යම් සැලකිය යුතු ප්‍රමාණයක් කොරෝනා වසංගතය ආසාදනය විමෙන් සිදුව තිබෙන ඒවා බවටද දැනමටත් වාර්තා වෙමින් ඇති පසුබිමක ග්‍රාම නිළධාරින්ට මේ ආකාරයෙන් බලපෑම් එල්ල කිරිම සිදුනොවිය යුත්තක් බව මිපුර අමතා කථා කළ ග්‍රාම නිලධාරින් කිපදෙනෙකුම ප්‍රකාශ කර සිටියේය .

නිවෙස්හි සිදුවන මරණ කොරෝනා මරණ නොවන ලෙසින් මේ බලපෑම් යටතේ වාර්තාවන් ලබාගැනිමට කටයුතු කිරිම ඉල්ලක කොටගත් මේ තර්ජන බලපෑම් නිසා මිගමුවේ ඇතැම් ග්‍රාම නිළධාරින් බරපතල මානසික පිඩාවකට පත්ව සිටින බවද වාර්තාවේ.