පැතිරීම බරපතලයි !කලාකරුවන් රැසකට ද කොරෝනා..

0
122

ප්‍රකට කලාකරුවන් රැසක්ද් මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වි සිටිති. ඒ අතර ප්‍රවීන චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, සංගීත ශිල්පී සුනිල් පෙරේරා, රංගන ශිල්ප ශිල්පිනියන් වන ශ්‍රියානි අමරසේන, ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, රන්ජන් රාමනායක, ජයසේකර අපොන්සු, ශලනි තාරකා, නයනතරා වික්‍රමාරච්චි, රොෂානා ඔන්ඩච්චි සහ ප්‍රතිභාපුර්ණ තරුණ ගායකයෙකු වන ඉන්දික ලියනගේ යන අය ඒ අතර වෙති.

කොරෝනා ආරම්භ විමෙන් අනතුරුව කලාකරුවන් රැසකට වෛරසය ආසාදනය වු පළමු අවස්ථාව විටෙක මෙය විය යුතුය .ඉන් කියැවෙන්නේ වෛරසය පැතිරයාමේ තිව්රතාවයයි .

මීට අමතරව, සම්මානනීය ලේඛකයකු වන මහින්ද ප්‍රසාද් මස් ඉඹුල මහතාටද කොවිඩ් ආසාදනය වී ඇත.

ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මිය, රංගන ශිල්පී ජයසේකර අපොන්සු සහ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහත්වරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.