රනිල් හරිම තැනට ගහයි ! හමුදා ලොක්කටත් රිදෙයි !

0
121

වර්තමානයේ සිදුවන මරණවලට කොරෝනා මර්දන බලකාය වගකිව යුතු යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ පවසා තිබුණි.කොරෝනා මර්දන බළකාය වහාම විසිරුවා හැර නීතියෙන් පිහිටුවා ඇති මණ්ඩල මාර්ගයෙන් කොරෝනා මර්දනය කරන්නට ක්‍රියා කළ යුතු යැයි ද එසේ නැතිනම් ලංකාව 21වන ශත වර්ෂයේ විශාලා මහනුවරක් බවට පත්වීමේ අවදානමක් ඇතැයිද හිටපු අගමැතිවරයා සඳහන් කර තිබුණි.

ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගෙන යන ක්‍රමවේද අසාර්ථක වී ඇති බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා තවත් කල් ගන්නට හැකියාවක් නැති අතර නීතියෙන්ම ස්ථාපිත කර තිබෙන ආපදා කළමනාකරණ මණ්ඩල මගින් මේ අර්බුදයෙන් ගොඩ එන්නට සැලසුම් සැදිය යුතු බවද සඳහන් කළේය .

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා තිබුනේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මේ ප්‍රකාශය නිසා රිදි ඇති හමුදාපතිවරයා අද එයට ප්‍රතිචාර දක්වා තිබුණි.
ඒ් කොහෙද යන්නේ මල්ලේ පොල් වැනි පිළිතුරකිනි .
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම එන්නත් මාත්‍රාව නාරාහේන්පිට යුද හමුදා මූලික රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගෙන කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා හමුදා සහය ලබා ගැනීම පිළිබඳව බරපතල විවේචනයක් සිදුකරනු ලබන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබේ.

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර වෙනුවෙන් කොප්පරා පූජාව සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නට යෙදුනි.
හිටපු අගමැතිවරයා විසින් කියන්නට යෙදුන අද රට මුහුණ දි ඇති බරපතල කමේ හරි තැනට රිදෙන්ටම වදිද්දි එයට හමුදාපතිවරයා දි ඇති පිළිතුරෙන්ම පැහැදිලි වන්නේ හමුදා නිළධාරියෙකු පරිචයේ තරමයි .