කොරෝනා නිසා මිගමුව මහනගර සභාව වසා දැමේ ?

0
168

මීගමුව මහනගර සභාව තුල පසුගිය කාලය තුල පාලනයකින් තොරව ක්‍රියාත්මක වු කොරෝ වෛරසය පැතිර යාම තත්වය නිසා හෙට දින සිට මිගමුව මහනගර සභාව වසා දැමිමට තිරණය කර ඇතැයි වාර්තා වේ.
මේ අනුව කොරෝනා නිසා ලංකාවේ වසා දැමෙන පළමු පළාත් පාලන ආයතනය බවට මිගමුව පත්ව තිබේ.
පසුගිය කාලය තුල නගරාධිපති දයාන් ලංසා විසින් රජයේ එන්නතරණය වැඩසටහන ඔහුගේ පුද්ගලික බුදලයක් සේ සලකා ඔහුගේ පුද්ගලික කාමරයේ පවා විශේෂ හිතවතුන් සදහා එන්නතකරණය දිගටම ක්‍රියාත්මක කර තිබුණි.
ඉන් නොනැවති පසුගිය දිනවල නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සිය නිලකාමරය තුලද සිය හිතවතුන්ට එන්නත ලබාදිමට කටයුතු කර තිබුණි.
පවතින තත්වය යටතේ ආයතන ප්‍රධානිය විසින් පැමිණිය යුතු සේවක සංඛ්‍යාව තිරණය කල යුතුව තිබුණද මිගමුව මහනගර සභාව විසින් නගරාධිපතිවරයාගේ උවමනාව මත කොමසාරිස්වරිය විසින් මුළු සේවක සංඛ්‍යාවම දිනපතා සේවයට කැදවමින් වගකිම් විරහිත ලෙසින් කටයුතු කර තිබිම නිසා මහනගර සභාව වසා දැමෙන තත්වයකට දැන් පත්ව තිබේ.
මේ ආකාරයෙන් නගරාධිපතිවරයා මෙන්ම නාගරික කොමසාරිස්වරියද කිසිදු නිතියකට යටත් නොවි හිතුවක්කාර ලෙසින් ගෙන ගිය පාලනය නිසා මේ වන විට දැවැන්ත අර්බුදයක් මහනගරසභාව තුල නිර්මාණය වි තිබේ.